-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මිහින් ලංකා ගුවන් සේවයට ලබන සතියේදී ගුවන් නියමුවන් බඳවා ගැනීමට සැලැසුම්කර ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කෙසේවුවද මෙසේ බඳවා ගැනීමට සැලැසුම්කර ඇති ගුවන් නියමුවන් අතර ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ගුවන් සේවයේදී කුසලතා නොදක්වන ලද ගුවන් නියමුවකුද ඇතැයි වාර්තා වේ.

ඔහු ඇමරිකානු ගුවන් නියමු පුහුණු  පාසලක් වන බ්ලූ ඩයමන් ගුවන් නියමු පාසලෙන් නිසි පරදි  AAF (Federal Aviation Authority) බලපත්‍රය ලබාගෙන නොමැති අයෙක් බවද පැවසේ.

මේ නියමුවා සිය පියසර පැය ගණන් සම්බන්ධයෙන් වංචා කර ඇති බවට බ්ලූ ඩයමන් ගුවන් නියමු පාසල විසින් අනාවරණය කර අතැයිද වාර්තා වේ.

මේ පුද්ගලයාට ලබාදී ඇති ගුවන් නියමු බලපත්‍රය සම්බන්ධයෙන් ගැටලු ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය දැනසිටියද ඔවුන් ඒ සම්බන්ධයෙන් මුනිවත රකින බැවින් අදාල පුද්ගලයා එහි වාසි භුක්තිවිඳින බවද පැවසේ.

ඔහු ශ්‍රී ලංකාවේදී පාසල් 7කට ගොස් ඇති බවත්, අපොස උසස් පෙළ සමත් නොමැති බවත් වාර්තා වේ.

පසුව ඔහු එංගලන්තයට ගොස් දෙවසරකදී සම්පූර්ණ කරණ ලද උපාධියක් ලබා ඇති බවට සටහන්වුවද, එම උපාධිය ලබාගත් පාසල ද පිළිගත් එකක් නොවන බවට රාවයක් පැතිර තිබේ.

කෙසේවුද එම උපාධිය ගුවන් නියමුවකු වන්නට සුසුසු බවට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් අනුමත කරගෙන ඇතැයි පැවසේ.

මොහු ඒෂියන් ඒවිඒෂන් ආයතනයේදී පුද්ගලික ගුවන්යානා පැදවීමේ බලපත්‍රය ලබා ගැනීමට පුහුණුවෙමින් සිටියදී  අදාල විභාගය කොපි කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා අස්කරන ලද අයෙක් බවද වාර්තා වේ.
කෑකෝ ඇමතිගේ මල්ලි ප්‍රශ්න පත්‍ර පන්නා මාට්ටුවෙලා

මේ අතර පසුගිය කාලයේදී සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ගුවන් නියමු විභාගයන්ට ලබාදෙන ප්‍රශ්න පත්‍ර පිටකිරීම සම්බන්ධයෙන් පුද්ගලයකුට චෝදනා එල්ලවී තිබූ බවත් අදාල කරුණ එම අධිකාරිය විසින් සඟවා ඇති බවටද තොරතුරු ලැබී තිබේ.

මේ පුද්ගලයා වත්මන් ආණ්ඩුවේ කෑ කෝ ගසන නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ සහෝදරයෙකුගේ මිතුරෙකු බවත් වාර්තා වේ.

ඒ සම්බන්දයෙන් පැවැති පරීක්ෂණ අදාල අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත අත්හැර දමා ඇති බව පැවසේ.

මේ අතර අප පසුගිය දිනවල විශාල බදු වංචා අතුළු වංචා කිහිපයක් සිදුකරන ලද ස්කයිලයින් ඒවිඒෂන් සමාගම සම්බන්ධයෙන් තොරතුරු හෙලිකළ අතර එහි තවත් වංචාවන් සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් සඟවාගෙන සිටින බවටද තොරතුරු ලැබී තිබේ.

ඒවාද අප ඉදිරියේදී හෙලි කරන්නෙමු.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos