-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ශ‍්‍රී ලංකාව හා ඉන්දියානු සාගර කලාපයේ රටවලට තවත් දරුණු සුනාමියකට මුහුණ පෑමට සිදුවෙතැයි අධ්‍යයනයක් අනාවරණය කර තිබේ.

2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා ඇති වූ රිච්ටර් මාපකේ ඒකක 9.2ක් ලෙස සනිටුහන් වූ භූ කම්පනය හේතුවෙන් ඇති වූ සුනාමියෙන් ශ‍්‍රී ලංකාව ඉන්දියාව ඇතුළු සුනාමියට හසුවූ රටවල පුද්ගලයින් දෙලක්ෂයකට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වූහ. කෙසේ වුවද ඊටත් වඩා දරුණු සුනාමි අනතුරක් ඉදිරියේදී වීමට ඉඩ ඇති බව මේ පිළිබඳව කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.

මෙම පර්යේෂණය සිදුකර ඇත්තේ අමෙරිකාවේ මියාමි සරසවියේ කෙලී ජැක්සන් ඇතුළු පිරිසක් විසිනි. ඔහුට අනූව ශ‍්‍රී ලංකාව ඇතුළු ඉන්දියන් සාගර කලාපයේ පිහිටි භූමියේ පාෂාණ ස්ථර 22ක් ඔවුන් විසින් අධ්‍යයනය කර ඇත. එසේම ඉන්දියාව, යුරෝපා හා ඔස්ට‍්‍රේලියානු භූ තැටි අධ්‍යයනය ද ඔවුන් විසින් සිදුකර තිබේ.

මේ යටතේ මෑත කාලයේදී මෙන්ම අතීත කාල පරාසය තුළ සිදුවූ භූ කම්පන හා සුනාමි සංසිද්ධීන් ඔවුන් අධ්‍යයනය කර මෙම නිගමනයට එළම ඇත. මෙම අධ්‍යයනය මගින් ඔවුන් වැඩිදුරටත් හෙළිකර ඇත්තේ ශ‍්‍රී ලංකාව ඇතුළු ඉන්දියන් සාගර කලාපයේ රටවලට තවත් වසර ගණනාවක් තුළ සුනාමියක් ඇතිවීමට ඉඩ ඇති බවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos