අනුරාධපුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ මූල්‍ය ආයතනයක ගණුදෙනුකරුවන්ට අයත් රුපියල් ලක්ෂ 2700 ක මුදලක් සැළසුම් සහගත ලෙස වංචා කිරීමේ සිද්ධිය පිළිබඳ චෝදනා එල්ලවූ එහි කළමනාකරු මේ මස 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ, අදාළ සැකකරු අද (07) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු රුවන්දිකා මාරසිංහ හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. මෙම මහ පරිමාණ මුදල් වංචාව සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා එහි ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද විනිසුරුවරිය නියෝග කළා. අනුරාධපුර පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේ සැකකාර කළමනාකරුට එරෙහිව දැනට අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි රැසක් ලැබී ඇති බවයි.
Lanka Gossip Girl News Powered by Gossip Lanka Media