ලියාපදිංචිය තහවුරු නොකරන සියළු ජංගම දුරකතන සම්බන්ධතා විසන්ධි කර දමන ලෙස ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මෙරට සියළුම ජංගම දුරකතන සේවා සපයන ආයතන වෙත දැනුම් දී තිබේ.
ඊට පෙර සියළු පාරිභෝගිකයන් සඳහා තම දුරකතන සම්බන්ධතාවයේ අයිතිය තහවුරු කිරීමේ අවස්ථාවක් ලබා දී ඇත.
ඒ අනුව #132# අමතා ලැබෙන උපදෙස් අනුව ලියාපදිංචිය තහවුරු කර ගත හැක. ලියාපදිංචි තොරතුරු වැරදි නම් වහාම සේවා සපයන්නා වෙත ගොස් නිවැරදි තොරතුරු ලබා දිය යුතුය.
ලබා දී ඇති කාල සීමාව ඇතුලත ලියාපදිංචිය තහවුරු නොකරන සියළු සම්බන්ධතා විසන්ධි කිරීමට ලක් වනු ඇත.