-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඒඩ්ස් වෛරසය මවගෙන් ආසාදනය වූ දරුවන් හය දෙනකු 2013 වසරේදී හමුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. 2001 වසරේ සිට මේ දක්වා එවැනි දරුවන් 72 දෙනකු වාර්තා වී ඇති බව ලිංගාශිත රෝග හා එච්.අයි.වී. /ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පැවැසීය.

මේ දරුවන්ගෙන් සියයට 40-50ක සංඛ්‍යාවක් මේ වනවිට මියගොස් ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශය කීවේය.
මේ තත්ත්වය අවම කිරීමට දිවයින පුරාම ගැබිනි මවුවරුන්ගේ රුධිර සාම්පල කැමැත්ත මත පරීක්ෂා කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත.
බස්නාහිර සහ දකුණු පළාත්වල ආරම්භ කර ඇති මේ වැඩපිළිවෙළ 2015 වසරේදී දිවයින පුරාම ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කර ඇති බව විශේෂඥ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පැවැසීය.

මෙරට ගැබිනි මවුවරුන්ගේ සංඛ්‍යාව ලක්ෂ 4කි. ගැබිනි මවුවරුන්ගේ සමාජ රෝග තත්ත්වය පරීක්ෂාව සඳහා මේ වන විට සායන මට්ටමින් ලබා ගන්නා රුධිර සාම්පල එච්.අයි.වී. /ඒඩ්ස් රෝග පරීක්ෂාව සඳහා මවගේ කැමැත්ත ඇතිව ලබා ගැනීමට පියවර ගෙන ඇත.


සමාජ රෝග තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා රුධිර සාම්පල ලබා ගැනීම මවුවරුන්ගෙන් සියයට 98ක හෝ ඊට වැඩි අගයක පවතින බවද වෛද්‍ය ලියනගේ මහතා පැවැසීය.

දරු ප්‍රසූතියේදී පසු ප්‍රසව අවස්ථාවේදී සහ ශල්‍යකර්මවලදී මවගෙන් දරුවාට මේ වෛරසය ශරීර ගත වීමේ අවදානම පවතී.
මේ අවදානම අවම කිරීමට සහ පාලනය කිරීම ගැබිනි මවුවරුන් දැනුම්වත් කිරීම සහ උපදෙස් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය විශේෂ වැඩපිළිවෙළක් මවු සායන මට්ටමින් ආරම්භ කර ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos