-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

දිගහැරෙන්නේ වැඩිහිටි වියට පත් අව්රෝරා කුමරිය විසින් කතාව පවසන ආකාරයටය. මිනිස් රාජධානියක් සමීපයේ පිහිටි මායා රාජධානියක් වන මුවර්හි විසූ පිරිසිදු හදවතක් හිමි රූමත් සුරංගනාවියක වූ මැලෆිෂන්ට් සිය රාජධානිය සතුරු ආක්‍රමණයකට නතු වූ කල්හි, එහි ආරක්ෂාව පතා පෙරමුණ ගෙන ක්‍රියාකරන්නීය. ඇයව මරා දැමීමට සමත් වන තැනැත්තා තමාගේ අනුප්‍රාප්තිකයා ලෙස පත් කිරීමට සතුරු රජු සූදානමින් සිටින බව දැන ගත්තා මැලෆිෂන්ට්ගේ මිනිස් පෙම්වතා වන ස්ටෙෆාන් ඇයව මරා දැමීමට උත්සාහ දරන්නේය. නමුත් එය කළ නොහැකි වූ තන්හි, ඔහු ඇගේ පියාපත් දෙක පුළුස්සා දමා ඇයව ඝාතනය කළ බවට සාක්ෂියක් ලෙස රජුට ඉදිරිපත් කරන්නේ රජකම ලබා ගැනීම සඳහායි.
තමාගේ පිවිතුරු ප්‍රේමය දරුණු ලෙසත් නීච ලෙසත් පවා දීමට ලක් වූ බව දැන ගැනීමත් සමග මැලෆිෂන්ට්ගේ හදවත ගලක් බවට පත් වන්නේ ඇගේ පෙර තිබූ සුකොමල පැවතුම් මුළුමනින්ම අතුරුදන්වී දැඩි හිතක් සහිත කුරිරු මායාකාරියක ලෙස ඇයව විශාල පරිවර්තනයකට ලක් කරමිනි.
මිනිස් රාජධානියේ සිහසුන හොබවන සිය පැරණි පෙම්වතාට එරෙහිව පළිගැනීමට දිවුරුම් දී සිටින මැලෆිෂන්ට් ඔහුගේ අලුත උපන් දියණිය වන අව්රෝරාගේ බෞතීස්ම මංගල්‍යය දිනයේදී ආරාධනයකින් තොරවම උත්සවයට පැමිණ බිලිඳු කුමරියට ශාප කරන්නීය. ඒ වයස අවුරුදු දහසයේදී ඉදිකටුවක් ඇනී ඇය සදාකාලික නිද්‍රාවට පත් වනු ඇති බවත්, ඇය කෙරෙහි සැබෑ ආදරයක් දක්වන්නෙකු විසින් ලබා දෙන හාදුවකින් පමණක් ඇය අවදි වනු ඇති බවත් කියමින්ය. එතැන් පටන් දිගහැරෙන්නේ අප මතෛක් දැන සිටි නිදි කුමරියගේ කතාවට වඩා හාත්පසින්ම වෙනස් වූවකි.
තමාගේ කුසින් නොවැදුවද අව්රෝරා කුමරිය කෙරෙහි මැලෆිෂන්ට් තුළ පිළිසිඳ ගන්නා මාතෘ ස්නේහය මගින් මැලෆිෂන්ට්ගේ ජීවිතය පමණක් නොව අව්රෝරා කුමරියගේ ජීවිතයද දැවැන්ත පරිවර්තනයකට ලක් කෙරේවිද ? තමා විසින්ම සිදු කළ ශාපයේ බල බිඳීමට එකී මාතෘ ස්නේහය පමණක් ප්‍රමාණවත් වේද? මැලෆින්ෂන්ට් ඔස්සේ ඒ බව හෙළි කෙරෙනු ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos