ඇය අපූරු දක්ෂතාවකින් හෙබි ගායිකාවකි. එමෙන්ම කෙටි කලකින් ජනප්‍රිය ගායිකාවක ලෙස මෙරට ජනතාවගේ ආදරය දිනා ගත් තැනැත්තියකි.
නිරෝෂා විරාජිනී ලාලිත්‍යා ද සිල්වා. උප්පැන්න සහතිකයේ ඇයගේ නම සඳහන් වන්නේ එහෙමය.“මම ඉපදුනේ මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණිය කියන ගමේ. අද ඒ ගමවත් මම උපන්න රෝහලවත් දැකගන්න පුළුවන්කමක් නැහැ.මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙද්දී එය කොත්මලේ ජලාශයට යට වුණා. අද මම උපන් නගරය තිබෙන්නේ ජලාශයේ වතුර යට”. නිරෝෂා අපේ කතාබහට එකතු වූයේ එසේ කියමිනි.
තෙල්දෙණියේ උපන් නිරෝෂා අනතුරුව පදිංචියට පැමිණියේ මහනුවර කටුගස්තොටටය. පුංචි නිරෝෂාගේ ළමාවියේ මතක සටහන් ඇරඹෙන්නේ ඒ පළාත සමග ඇඳී ගෙනය.
“කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයට තමයි මම මුලින්ම අකුරු ඉගෙන ගන්න ඇතුළු වුණේ. 6 වෙනි ශ්‍රේණිය දක්වා ඒ ඉස්කෝලේදී ඉගෙන ගත්තා. හැබැයි ඒ කාලේ මම හරිම ලැජ්ජකාර ඒ වගේම පැත්තකට වෙලා, හුදකලාව ඉන්න කැමති ළමයෙක්. පිරිසක් ඉස්සරහ සින්දු කියනව කියන එක ඒ කාලෙ හිතන්නවත් පුළුවන්කමක් තිබුණෙ නැහැ’
“මට තාම මතකයි මම හිටපු ගෙදර ඉඳලා ඉස්කෝලෙට ගිය විදිහ. හැමදාම කිලෝමීටර් එක හමාරක් විතර පයින් යන්න සිද්ධ වුණා. එහෙම පයින් ගිහින් තමයි බස් එකට නගින්නේ. ආපහු ඉස්කෝලෙ ඇරිලා එද්දිත් බස් එකෙන් බැහැලා ඒ විදිහටම පයින් එනවා. ඔය කාලෙ තමයි නංගිත් අපේ පවුලට එකතු වුණේ’
තෙල්දෙණියේ සිට කටුගස්තොට ආවාට කටුගස්තොට නිරෝෂාලාට නුහුරු නුපුරුදු ගම්මානයක් වූයේ නැත. ඒ ඔවුන්ගේ ඥාතීන් බොහොමයක් එහි ජීවත් වූ නිසාය.
“ඒ කාලේ අපේ තාත්තා රාජකාරී කළේ දුම්කොළ සමාගමේ. තාත්තා වෘත්තීය සමිති නායකයෙක් හැටියටත් ප්‍රසිද්ධියට පත්වෙලා හිටියා. කොහොම හරි එක්තරා අවස්ථාවක තාත්තා වැඩ කරපු ආයතනය සමග ප්‍රශ්නයක් ඇති කරගත් නිසා රස්සාව නැති වුණා. ඉන් පස්සේ අපේ පවුල බොහොම දුෂ්කර අඩියකට වැටෙන්න පටන් ගත්තා.”
නිරෝෂාගේ පියා මාර්ටින් ද සිල්වා තම සේවා ස්ථානයෙන් ඉවත් වනවිට කිසියම් මුදලක් ඔහුට දීමනා වශයෙන් ලැබි තිබිණි. මේ මුදල් සුරක්ෂිතව තබා ගෙන පරිහරණය කළද එක්තරා අවස්ථාවක තම මාමා කෙනෙකු යෝජනා කළ අලුත් ව්‍යාපාරික කටයුත්තකට ඔහු දායක වූයේ දරු පවුල ජීවත් කරලීම සඳහා කුමක් හෝ ආදායම් මාර්ගයක් සාදා ගත යුතු නිසාය.
“මේ මාම තාත්තට කිව්වා ත්‍රිකුණාමලය පැත්තේ ඉඩම් තියෙනවා. ඒවා අරගෙන හොඳ ලූනු වගාවක් කරන්න පුළුවන් කියලා. ඉතිං තාත්තා මේකට කැමති වුණා.”
ව්‍යාපාරික ඥානයක් නොතිබුණත් පවුලේ සුබ සිද්ධිය වෙනුවෙන් නිරෝෂාගේ පියා ත්‍රිකුණාමලයට ගියේය. ඒ තනිවම නොව පවුල පිටින්මය.
“ඒ විදියට ගිහින් අපි පදිංචි වුණේ ත්‍රිකුණාමලේ අනුරාධපුර හන්දියේ පුංචි නිවෙසක. වටපිටාවේ හිටියේ දෙමළ ජාතික අය. ඉතිං මේ දමිළ මිනිස්සු එක්ක අපි අලුත් ජීවිතයකට මුල පිරුවා”. නිරෝෂා පවසන ආකාරයට මේ කාලයේ ඔවුන් සියලු දෙනා මිතුරුකම් පැවැත්වූයේ දමිළ ජනතාව සමගය. පාසල් ගියේ දමිළ සිසු සිසුවියන් සමගය. ඒ ශාන්ත මේරි විද්‍යාලයටය.
මේ කාලයේ දී පියා අක්කර ගණන් ඉඩම් ගෙන ලූනු වගාව අරඹා තිබුණි. ඒවාට සාත්තු සප්පායම් කරමින් ඔහු තම ව්‍යාපාරය දියුණු කිරීමට වෙහෙස මහන්සි විය. එහෙත් කිසි දිනෙක වගාවකට අත ගසා නොතිබුණු නිරෝෂාගේ පියාට ඉන් ජය ගන්නට නොහැකි විය. මේ නිසාම නොදන්නා ව්‍යාපාරයකට අත ගැසූ වරදින් ඔහුගේ වෙහෙස මහන්සිය වතුරේ ගියේය.
“තාත්තා දවසින් දවස මේ වෙනුවෙන් වෙහෙසුණා විතරක් නමෛයි. එක් වරක් පාඩු වුණාම ඊළඟ වගාවේදී ඒ පාඩුව මකා ගන්නට කියලා තව තවත් ඒ වෙනුවෙන් මුදල් යෙදෙව්වා. අන්තිමට වුණේ අපි තව තවත් අන්ත අසරණ තත්ත්වයකට වැටීමයි. අන්තිමට අපිට කන්න බොන්න ටික හොයා ගන්න පවා අපහසු වුණා. ඒ නිසාම ත්‍රිකුණාමලය අතහැර දාලා අපි පවුල පිටින්ම ආපසු ආවා.”
ආර්ථික අතින් අන්තයටම පිරිහී කොළඹ ආ නිරෝෂාලාට රැකවරණය දුන්නේ ඥාති නැන්දා කෙනෙකි. ඇය පදිංචි වී සිටියේ නුගේගොඩය.
“ත්‍රිකුණාමලේදී අපි බිංදුවට වැටිලා හිටියේ. ගෙදරක් කුලියට ගන්නවත් සල්ලි තිබුණෙ නැහැ. කොටින්ම අම්ම අපිට කන්න ටික හදලා දෙන්නෙත් බොහොම සුළුවෙන්. බත් හදලා ඒකට මොකක් හරි එක ව්‍යංජනයක් හදලා කන්න දෙනවා. සමහර වේලාවට ඒකවත් කරගන්න බැහැ. ඒ වෙලාවට අපේ ආච්චිලා, සීයලා, මාමලා තමයි ඇවිත් කන්න බොන්න ටික පවා අරන් දෙන්නේ”.
මේ තරම් දුෂ්කර ජීවිතයක් ගත කළ නිරෝෂාලා නුගේගොඩ තාවකාලිකව ලැඟුම් ගන්නේ නැන්දාගේ කරුණික බව නිසාමය. එමෙන්ම ඇයගේ උදව්වෙන් නුගේගොඩ ශාන්ත ජෝසප් විද්‍යාලයට ඇතුළු වීමටද ඇයට අවස්ථාව ලැබුණි. කටුගස්තොට ප්‍රදේශයේ හැදී වැඩී ත්‍රීකුණාමලයට ගිය නිරෝෂා කොළඹ දැක තිබුණේ නැත. නමුත් අසා තිබුණි. ඒ අනුව කොළඹ ගැන ඇයගේ සිහින ලෝකයේ තිබුණේ අපූරු අදහසකි.
“මට කොළඹ ගැන තිබුණේ අමුතුම විදිහේ සිතුවිල්ලක්. කොළඹ කොළ පාටට හුරු නගරයක්. ඒක නිකම් හීන ලෝකයක් වගේ සිතුවිල්ලක් තමයි මගේ හිතේ තිබුණෙ. ඒ නිසාම කොළඹ බලන්නත් ලොකු ආසාවක් තිබුණා. කොහොම හරි කොළඹ ආවාට පස්සේ මම දැක්කේ විශාල ගොඩනැගිලි, විවිධ වර්ගයේ යාන වාහන වගේ දේවල්. ඇත්තටම මේකත් මට අපූරු අත්දැකීමක් වුණා.”
කොළඹ ආ නිරෝෂාගේ පියාට හිත මිතුරෙකුගේ මාර්ගයෙන් රැකියාවක් ලැබුණි. ඒ කුඩා ප්‍රමාණයේ පෞද්ගලික සමාගමක
කළමනාකරුවෙකු ලෙසින්ය.
“මේ සමාගමෙන් එක්තරා අවස්ථාවක අපේ තාත්තාට පිටරට රැකියාවක් සඳහා යන්න අවස්ථාවක් ලැබුණා. ඒ අනුව තාත්තා සෞදි අරාබියට ගියා. තාත්තා එහෙම තීරණයක් ගත්තේ අපි ඉන්න තැනින් ගොඩ එන්න වුවමනා නිසා. ඒ වගේම අදාළ සමාගමේ බලවත් ඉල්ලීම නිසා”.
මේ වෙද්දී නිරෝෂලා නුගේගොඩ ඇගේ නැන්දාගේ නිවසින් අවුත් පදිංචිව සිටියේ කැලණියේ බුළුගහ හන්දියේ නිවෙසකය. පවුලේ ආර්ථික තත්ත්වය කමෛන් ශක්තිමත් වීමට පටන් ගත්තේ තාත්තාගේ පිටරට රැකියාව නිසාය. “මේ කාලයේදී තාත්තා එවපු මුදල් පරෙස්සමින් පරිහරණය කරලා අපේ අම්මා මාවරමණ්ඩිය පැත්තෙන් ඉඩමක් ගත්තා. ඊට පස්සේ තවත් අවුරුදු ගාණක් ගත කරලා හිමින් හිමින් පුංචි ගෙයක් හැදුවා. තැන් තැන්වල, කුලී ගෙවල්වල ඉඳලා ඉඳලා ඇති වෙලා හිටපු අපිට මේ ගෙදර රජ මාලිගාවක් වගේ දැනුණා”.
“අපේ ගෙදර තිබුණේ ලොකු ඉඩමක් එක්ක. ඒ වගේම අපේ අම්මා පුංචි වහුපැටියෙක් අරගෙන හදන්නත් පටන් ගත්තා. ඒ වහුපැටියා ලොකු වෙලා පැටව් පවා දැම්මා. අපි මේ සුන්දර ලෝකය ඇතුළේ දැඩි සතුටකින් ජීවත් වුණා. දැන් නම් මේ ගෙදර අපි විකුණලා දාල. ඒත් තවමත් ඒ ගෙදරට මම ආදරෙයි. ඒක අතීතයට එක් වුණු ලස්සන ලෝකයක් හැටියටයි මට දැනෙන්නෙ’
අද ජනප්‍රිය ගායිකාවක් වුණත්, යමක් කමක් තිබෙන ගැහැනියක් වුවත් තරුණ අවධිය වනතුරුම නිරෝෂා ජීවත් වූයේ ඉතාම සාමාන්‍ය ගැහැනු ළමයෙකු ලෙසින්ය.
“මේ කාලේ මම ඉස්කෝලේදී (නුගේගොඩ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ) විවිධ තරගවලට ඉදිරිපත් වෙනවා. වැඩිපුරම කවි ගායනා තමයි. ඒ පැත්තෙන් මට විශාල තැනක් තිබුණා. පාසලේ මං ජනප්‍රිය චරිතයක් වී සිටියා. යන යන තරගයෙන් පළමු හෝ දෙවන ස්ථානය ලබා ගන්න මට පුළුවන් වුණා.’
මේ කාලයේදී නිරෝෂාට විශාරද එඩ්වඩ් ජයකොඩි හා ලක්ෂ්මන් විජේසේකර වැනි ශිල්පීන් පිළිබඳව මතකයන් තිබේ. ඒ ඔවුන් ප්‍රදේශයේ පාසල් අතර පවතින තරග විනිශ්චය කිරීමට එන හෙයිනි. “මාව මේ අයගෙන් පවා ඇගයීමට ලක්වුණා. ඉතිං ගෙදර අයත් මට ඒ පැත්තෙන් ඉදිරියට එන්න උදව් කරන්න පෙළඹුණා”.
ත්‍රිකුණාමල ප්‍රදේශයේ ජීවත් වෙද්දී නිරෝෂාලා වැඩිපුර ඇසුරු කළේ දමිල මිනිසුන් බව අපි ඔබට කලින් කීවෙමු. කෙසේ හෝ ඒ කාලයේදී නිරෝෂාට ද්‍රවිඩ භාෂාව පිළිබඳව සාමාන්‍ය දැනුමක්ද ලබා ගැනීමට හැකිවිණි. “ඒ කාලයේ අපි හිටපු පළාතේ චිත්‍රපට ශාලාවල පෙන්වන්නේ ද්‍රවිඩ චිත්‍රපට. එම්.ජී.ආර්, සිවාජි, රැජිනි කාන්ත් වගේ ශිල්පීන්ගේ චිත්‍රපට මඩු ගහලා පෙන්වද්දී අපි බලන්න යනවා. කොහොම හරි පුංචි අපේ හිත්වලට මේවා තදින් කා වැදුණා. අපිට දෙමළ භාෂාව පුරුදු වුණේ එහෙමයි”
වරක් නිරෝෂාට අපූරු අවස්ථාවක් ලැබුණි. ඒ තම මවගේ සොහොයුරෙකුගේ මැදිහත්වීම නිසාය.
“ඒ කාලේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් තමයි වැල්ලම්පිටිය ප්‍රදේශයේ තිබුණු ‘සුපර් සන්’ සංගීත කණ්ඩායම. ඉතින් මේ සංගීත කණ්ඩායමේ ගායිකාව නැති වූ අවස්ථාවක අපේ මාමාගේ උදව්වෙන් ඊට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.”
‘සුපර් සන්’ සංගීත කණ්ඩායමේ කෙනකු නිරෝෂාලාගේ නිවසට පැමිණ ඇයව පරීක්ෂා කරන්නට වූ අවස්ථාවේ නිරෝෂා ඔහුට ඇහෙන්නට ගීතයක් ගැයුවේ දොර මුල්‍ලේ සැඟවී සිටිමිනි. ඒ ලැජ්ජාව නිසාය. “එදා එහෙම ගීතය ගැයූ මම අද මහ පිරිසක් ඉදිරිපිට වුණත් ලැජ්ජාවක් නැතිව ගීත ගයනවා. වෙලාවකට මටම හිතෙනවා මේ එදා හිටපු මමමද කියලත්” නිරෝෂා සිනාසෙමින් පවසයි.
සුපර් සන් සංගීත කණ්ඩායමට සම්බන්ධ වූ නිරෝෂා එහි නිත්‍ය ගායිකාව බවට පත්වන්නේ විශේෂයෙන්ම ද්‍රවිඩ ගීත ගයමිනි. “මට අදටත් ද්‍රවිඩ භාෂාව කතා කරන්න බැහැ. නමුත් ද්‍රවිඩ ගීත ගායනා කරන්න පුළුවන්”
නිරෝෂාගේ ගායන හැකියාවන් වටහා ගත් ඇගේ මව වර්ජිනියා ද සිල්වා අනතුරුව ඇයව රැගෙන යන්නේ මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි වෙතටය. එහි කෙටි කලක් ඉගෙන ගන්නා නිරෝෂා ඉන් පසුව ප්‍රවීණ ගායිකා විශාරද සුජාතා අත්තනායක වෙතටද පියනගන්නේ තවදුරටත් නව සංගීත ඥානය වැඩිදියුණු කර ගැනීමේ අදහසිනි. මේ ආකාරයට සංගීතය ප්‍රගුණ කරන ඇය මවගේ මැදිහත්වීම මත ඔස්ටින් මුණසිංහ සංගීතවේදියාණන් වෙතින්ද තම විෂය ප්‍රගුණ කළාය. “ඔය කාලෙදීම අපේ අම්මා මාව ඉන්දියාවටත් යැව්වා. ඒ කර්නාටක් සංගීතය හා භරත නාට්‍යම් ප්‍රගුණ කරන්න. ඒත් අවුරුදු එකහමාරකින් මම නැවත ලංකාවට ආවා. ඇවිත් ඩිප්ලෝමාව සම්පූර්ණ කළා. එහිදී ‘හරිද්වි’ කියන ගුරුතුමියගේ උදව් උපකාර ලබා ගත්තා.”
නිරෝෂා උසස් පෙළින් පසු තම අධ්‍යාපන වැඩකටයුතු අතැර දමා සංගීත විෂයයටම තම කාලය මිඩංගු කළාය. සුපර් සන් සංගීත කණ්ඩායම සමග ගී ගයන්නටද ගියාය. එහි තීරණාත්මක අවස්ථාව එළැඹුණේ නාවල තිබූ ශබ්දාගාරයේදීය. සුපර් සන් සංගීත කණ්ඩායමේ ගීත පටිගත කිරීමකට සහභාගි වූ නිරෝෂලා ගැන ප්‍රවීණ ශබ්ද පරිපාලකයෙකු වූ ඩෙනිස් රුද්රිගු තම අවධානය යොමු කර තිබුණේය. ඒ අනුව ඔහු ඒ කාලයේ කැසට් නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ පෙරමුණේ සිටි සරත් ගලප්පත්ති මහතාට නිරෝෂා පිළිබඳව පවසා තිබුණි.
ඔය අනුව වරක් සරත් ගලප්පත්ති නිරෝෂා හමුවී ගීතයක් පටිගත කිරීමේ අවස්ථාව ලබාදී තිබුණි. ඒ ‘සිත හඬයි‘ කියන ගීතයයි. නිරෝෂා ජනප්‍රිය ගායිකාවක් වීමේ පළමු පියවර තැබුවේ එහෙමය. කෙසේ හෝ මේ ගීතය අතිශය ජනප්‍රිය වෙද්දී රූපවාහිනී නාලිකා හා ගුවන් විදුලි නාලිකා තුළින් ඇයට සුවිශේෂ ඇරයුම් ලැබුණි.
මේ අයුරින් ජනප්‍රිය වූ නිරෝෂාට පිරිමි පාර්ශ්වයේ ආකර්ෂණයද ලැබෙන්නට විණි. “ඉස්කෝලේ යන කාලේත් මම කළු කෙට්ටු කැත කෙල්ලෙක්. ඒත් මොකක්ද දන්නේ නැහැ අපේ අමතර පන්තිවල ළමයි මා එක්ක යාළුවෙන්න ආවා. ඔය වගේ එක් අවස්ථාවක අපේ අම්මා මාව ඒ ක්ලාස් එකෙන් නවත්තලා ගෙදරට ගුරුවරයෙක් ගෙන්වලා විද්‍යා විෂය ඉගැන්වූවා. ඒ සාමාන්‍ය පෙළ කාලේ”
නිරෝෂා පවසන්නේ තමාට ඒ කාලයේ ආදරය ගැන හිතන එක පවා තහනම් කාරණයක් වී තිබුණු බවය.
“අපේ අම්මාගේ සහෝදරයෝ හැමෝම ඒ ගැන අවධානයෙන් හිටියා මට මතකයි. මම උසස් පෙළ කරන කාලේ එක්තරා පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධකමක් තිබුණා. ඔහුට අපේ මාමලා මග රැක ඉඳලා හොදටෝම පහර දීලා පවා තිබුණා. අන්තිමට ඒකත් නැවැත්තුවා. ඔන්න ඔය වගේ වටපිටාවක් තුළ තමයි ඒ කාලේ ගත වුණේ’
නිරෝෂා පවසන ආකාරයට ඇය නව යොවුන් වියේදී අත් විඳි ප්‍රථම ප්‍රේමය ඇයට අදටත් මතකය. ඒ ආදරය පුරා අවුරුදු තුනක් පමණ පැවති බවද ඇය පවසයි. “ඇත්තටම ඒක විශේෂිත ආදරයක්. අපි බොහොම ආදරෙන් හිටියා. ගෙදරට හොරෙන් අපි අමාරුවෙන් ආදරය කළා. ඒත් ඔහු ද්‍රවිඩ ජාතික කෙනෙක් නිසා අපේ ගෙදරින් දැඩි විරෝධතා එල්ල වුණා. අන්තිමට අපි අමාරුවෙන් වෙන් වෙලා දෙපැත්තට වුණා. ඒක තමයි මට ආදරය සම්බන්ධව තිබෙන අපූරුතම මතකය”
මේ ආදරය පවතින කාලයේදීම නිරෝෂා දරුණු ඛිෙදවාචකයටද මුහුණ දුන්නාය. ඒ ඇය පෙනී සිටින බවට ප්‍රචාරය වුණු අසභ්‍ය වීඩියෝ පටයක් සම්බන්ධයෙන් ඇති වූ සිදුවීමක් නිසාය. මේ සිදුවීම නිසා නිරෝෂා මෙන්ම ඇගේ පවුලේ අයද මහත් කම්පනයකට මුහුණ දුන්හ. “මේ සිද්ධිය වෙලාවේ අපේ පවුලට හිතවත්ව සිටි ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා අපිට හුඟක් අවවාද කළා. මේවා ගැන කතා කරන්නටවත් යන්න එපා කිව්වා. ඒ නිසා අපි නිශ්ශබ්දව සිටියා.
“ඒත් අපේ අම්මා හැම වෙලාවෙම අඬනවා. මම ඒක බලාගෙන ඉඳලා ගෙදරට යාබදව තිබුණු ගරාජ් එකට ඇවිත් තනියම අඬනවා. මම හිතනවා මේ හැම එකක්ම මම නිසා නේද කියලා. කොහොම හරි අන්තිමට ඒක කාලයත් එක්ක වැලලිලා ගියා. මේ බොරු වීඩියෝව හැදුවේ අපි එක්කම ළඟින් හිටපු කෙනෙක්. ඔහුට වුවමනා වී තිබුණා මාව ඔහුගේ ග්‍රහණයට ගන්න. මගේ ආදරය කෙසේ හෝ දිනාගන්න. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි මෙවැනි බොරු වීඩියෝවක් හදල තිබුණේ” නිරෝෂා පවසන්නේ මේ සියලු මානසික වේදනා ඇති වෙද්දී සිය පළමු පෙම්වතා නොසැලී සිටී බවය. එහෙත් නිවසේ තිබූ වාතාවරණයට අනුව ඒ සබඳතාවද නවතා දමන්නට ඇයට සිදුවිය.
පසුකාලයේදී නිරෝෂා විවාහ වූයේ නලින්ද සමගය. මුල් කාලයේ ඔවුන් අතර පැවතුණේ සාමාන්‍ය මිත්‍රත්වයකි. “මේ කාලයේ මට විවාහ යෝජනා කීපයක් ආවා. මේවා ගැන මම නලින්ද එක්කත් කතා කළා. ඒවාට මගේ අකමැත්තත් ප්‍රකාශ කළා. එක්තරා අවස්ථාවක නලින්ද මගෙන් ඇහුවා ‘මම විවාහ යෝජනාවක් ගෙනාවොත් ඔයා කැමති වෙනවද’ කියලා.”
නිරෝෂා ඔහුගේ මේ ප්‍රශ්නයට උත්තර දෙන්නේ ඒ ගැන මවගෙන් විමසන ලෙස ඉල්ලමිනි. අවසානයේදී නලින්ද නිරෝෂාගේ මවගෙන් මේ පිළිබඳව විමසා සිටියේය. “අපේ අම්මා හමුදාවේ කෙනෙකුට මාව දෙන්න කොහෙත්ම කැමැත්තෙන් සිටියේ නැහැ. නමුත් නලින්දට අම්මා කැමති වුණා. අවසානයේදී අපි විවාහ වුණා. ඒත් කාලයත් එක්ක අපිට තේරුණා අපි අදහස් අතින් හුඟක් දුරයි කියලා. ඉතිං අපි වෙන් වුණා. ඒත් අදටත් මම නලින්ද එක්ක හිතවත්. අපේ හිතවත්කම නැති වෙලා නැහැ’
මේ සිදුවීම්වලින් පසුව නිරෝෂා යළිත් අලුත් ලෝකයක් සොයන්නට වෙහෙසුණාය. නැවත විවාහ වූවාය. එහෙත් ඇය පැතූ ලෝකය එතනත් ඇයට හමු වූයේ නැත. ඒ නිසාම ඇය යළිත් හුදකලා වන්නීය.
“මම කාටවත් මැදිවෙලා, කොටුවෙලා ජීවත් වෙන්න කැමති කෙනෙක් නමෛයි. මනුස්සයෙක් හැටියට අපි හිතන මානසික නිදහස නැත්නම් එතන සතුටක් නැහැ. ප්‍රශ්න තුළ ජීවත් වෙන එක මට වේදනාවක්. ඉතිං තනියම හරි සතුටින් ඉන්න පුළුවන් නම් කොයිතරම් දෙයක්ද? අද මම ඒ මානසික සතුට ලබමින් ජීවත් වෙනවා. මම නිදහස් කෙනෙක්” අපේ පිළිසඳර නිම කරමින් නිරෝෂා පැවැසුවාය.