මගී ප්‍රවාහන කටයුතු කරන කුළී ත්‍රිරෝද රථවල මීටරවල නිරවද්‍යතාව පරීක්ෂා කිරීම සඳහා විශේෂ මධ්‍යස්ථාන ආරම්භ කරන බව මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් කේ. පේ‍්‍රමසිරි කුමාර මහතා පවසයි.
මෙහි මුල් පියවර ලෙස කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම මධ්‍යස්ථාන ආරම්භ කරන බවත් ඉදිරියේ දී සෙසු පළාත් ආවරණය වන පරිදි මධ්‍යස්ථාන ආරම්භ කිරීමට කටයුතු කරන බවද අධ්යක්ෂවරයා සඳහන් කරයි.
ත්‍රිරෝද රථ සංගම් කිහිපයක් කුළී ත්‍රිරෝද රථවල මීටරවල නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට සහාය පළ කළත් විරුද්ධ සංගම් කිහිපයක්ද සිටින බවත් හෙතෙම පැවසීය.