පුද්ගලයින් 298 දෙනෙකු සමග නැගෙනහිර යුක්රේනයේදී ප‍්‍රහාරයට ලක්වූ මලයාසියානු යානය කඩා වැටී මිනිත්තු 40කට පමණ පසුව කැරළිකරුවන් සහ රුසියානු බුද්ධි අංශ නිලධාරීන් අතර ඇති වූ බව කියන දුරකථන සංවාදයක් මේ වන විට අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.
එම දුරකථන සංවාදයට අනුව මෙම ප‍්‍රහාරයට සම්බන්ධ කැරළිකරුවෙකුගෙන් රුසියානු බුද්ධි අංශ නිලධාරියා අසා ඇත්තේ මෙම යානයේ ආයුධ තිබුණේ ද යන්නයි. ආයුධ කිසිවක් එහි නොතිබුණු බව ඊට පිළිතුරු ලබාදුන් කැරළිකරුවා ප‍්‍රකාශ කර තිබෙනවා. ඔහු තවදුරටත් ප‍්‍රකාශ කළේ ටොයිලට් පේපර්, තුවා වැනි දෑ එහි තිබූ බවයි. මෙහි ලිපිලේඛන තිබුණේ ද යන්න පිළිබඳ බුද්ධි අංශ නිලධාරියා නැවතත් ප‍්‍රශ්න කරනු ලැබුවා. ඊට පිළිතුරු ලබාදුන් කැරළිකරුවා කියා සිටියේ හමුවූ ලිපිලේඛනවලින් එක් ලේඛනයක් ඉන්දුනීසියානු විශ්වවිද්‍යාල සිසුවෙකුගේ බවයි. මෙම දුරකථන සංවාදයට අනුව අදාළ ප‍්‍රහාරය වැරදීමකින් සිදුකරන්නට ඇති බවට සැකකෙරෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා ප‍්‍රකාශ කර තිබුණා.
මේ අතර, ප‍්‍රහාරයට ලක්වූ මලයාසියානු බෝයිං 777 ජෙට් යානය කඩා වැටුණු ස්ථානයට ජාත්‍යන්තර පරීක්ෂකයින්ට ඇතුළුවීම සඳහා යුක්රේන කැරළිකරුවන් අවසර ලබා දී තිබෙනවා. කැරළිකරුවන් මලයාසියානු බළධාරීන්ට දැනුම් දී ඇත්තේ කඩා වැටුණු යානයේ සුන්බුන් සහ මළ සිරුරු ආරක්ෂා කිරීමට ද ඔවුන් පොරොන්දු වූ බවයි. ඒ අනුව එම ස්ථානයට මලයාසියානු බලධාරීන් පිරිසක් ළඟාවීමට නියමිතව සිටිනවා.
යානය ප‍්‍රහාරයට ලක් වන විට එහි නෙදර්ලන්ත ජාතිකයන් 154, මලයාසියානු ජාතිකයන් 43 දෙනෙකු, ඕස්ටේ‍්‍රලියානුවන් 27 දෙනෙකු සහ ඉන්දුනීසියානු ජාතිකයන් 12 දෙනෙකු ගමන් කර තිබෙනවා. බි‍්‍රතාන්‍ය ජාතිකයන් 9 දෙනෙකු, ජර්මන් සහ බෙල්ජියම් ජාතිකයන් 4 දෙනෙකු බැගින් සහ පිලිපීන ජාතිකයන් 3 දෙනෙකු මෙන්ම, කැනේඩියානු ජාතික මගියෙකු ද කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකු ද මෙහි ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත්, යානයේ ගමන් ගත් මගීන් 41 දෙනෙකු පිළිබඳව මෙතෙක් තොරතුරු හෙළි වී නැහැ. ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර පැවැත්වෙන ඒඞ්ස් පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණයකට සහභාගි වීම සඳහා ගමන් ගත් කණ්ඩායමක් ද මෙහි සිටි අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා ද එම කණ්ඩායමට ඇතුළත්.
යානය වැටීමෙන් පසු නැගෙනහිර යුක්රේනය ගුවන් තහනම් කලාපයක් ලෙස යුක්රේන රජය විසින් නම් කර තිබෙනවා. ඒ අනුව, ගුවන් සේවා රැුසක් සිය ගුවන් ගමන් නැගෙනහිර යුක්රේනය මඟහැර යොදා ගැනීමට පියවර ගෙන ඇති බව සඳහන්. යානය මිසයිල ප‍්‍රහාරයකට ලක්ව ඇත්තේ අඩි 30,000 ක් ඉහළ අහසේ ගමන් ගන්නා විටයි.
යුක්රේනය, ඇමරිකාව සහ ඕස්ටේ‍්‍රලියාව ඇතුළු රටවල් රැසක් චෝදනා කළේ නැගෙනහිර යුක්රේනයේ කි‍්‍රයාත්මක රුසියානු හිතවාදී කැරළිකරුවන් එල්ල කළ මිසයිල ප‍්‍රහාරයකින් මෙම යානය විනාශ වූ බවයි. යුක්රේනයේ වහා සටන් විරාමයක් ප‍්‍රකාශයට පත් කළ යුතු බව ඇමෙරිකාව ප‍්‍රකාශ කළා.
ඕස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍ය ටෝනි ඇබට් කියා සිටියේ මෙම සිද්ධිය පිටුපස රුසියානු පක්ෂපාතී කැරළිකරුවන් සිටින බවයි. මලයාසියාව මේ වසරේ මුහුණ දුන් දෙවැනි ගුවන් ඛේදවාචකය පිළිබඳව අදහස් දක්වමින් එරට අග‍්‍රාමාත්‍ය නජිබ් රාසක් කියා සිටියේ ඊයේ ඛේදනීය දිනයක් මෙන්ම, මේ වසරම මලයාසියාවට ඛේදනීය වසරක් බවයි. කෙසේ නමුත්, යානය කඩා වැටීම පිළිබඳ පරීක්ෂණ නිසියාකාරයෙන් සිදුවිය යුතු බවද ඔහු අවධාරණය කළා.