මියගිය පසු සාම්ප්‍රදායිකව පෙට්ටියක නොතබා මේසයක වාඩිකොට තැබු මිනියක් පිළිබදව ඇමරිකාවේ නිව් ඔලර්න්ස් ප්‍රාන්තයෙන් වාර්තා වේ. මිරියාම් බුර්බන්ක් නම් 53 හැවිරිදි වියේ පසුවූ මෙම කාන්තාව මියගොස් ඇත්තේ පිලිකාවකිනි. ඇයගේ අවසන් කැමැත්ත වී ඇත්තේ තමන් මිය ගිය දිනක මිනී පෙට්ටියක නොතබන ලෙසයි. තම සිරුරට හොද ඇදුමක් අන්දවා මත්පැන් බොතල් කිහිපයක් තැබු මේසයක තමන්ව හිදුවා තබන ලෙස ඇය ඉල්ලා තිබේ.
මේ අනුව ඇය මියගිය පසුව ඇයගේ අවසන් ඉල්ලීම ඉටු කළ ඇගේ දියණිය ඇතුළු ඥාතින් ඇය වැඩියෙන්ම කැමති ඇදුම අන්දවා , මේසය මත ඇය කැමතිම මත්පැන් වර්ගය තබා ඉන් මදක් වීදුරුවකට දමා සිගරට්ටුවක් ද දී පුටුවේ හිඳුවා ඇත.
ඇයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි අමුත්තන් ඒ මේසයේ ඇති අනිකුත් පුටුවල වාඩිවී අවසන් ගෞරව දක්වා ඇත.