-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

දුර්දාන්ත රාජපක්ෂ ආණ්ඩුව පලවා හැරීමේ සටනේදී තමාට එල්ලුම් ගහ නියමවුවද, අන්ත දුෂිත ජනාධිපතිවරයා ගෙන් 'ජනාධිපති සමාවක්' නොඉල්ලන බව එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන අංශ ප්‍රධානි මංගල සමරවීර මහතා අවධාරණය කර සිටියි.
පසුගිය 05 දා මාතරදී එජාප දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමේදී වෙඩි පහරකට ලක්වූ දකුණු පළාත්සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර  මහතාගේ සුවදුක් බැලීමට අද (20) ගාල්ලට ගිය අවස්ථවේදී 'ස්වර්ණවාහිනියේ' මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සමරවීර මහතා එසේ සඳහන් කළේය.

''මංගල බේරාගන්න ව්‍යාපාරිකයකුගෙන් ජනපතිට ඇමැතුමක් '' යන ශිෂයෙන් යුතුව සති අන්ත පුවත්පත් කිහිපයක පළකර ඇති වාර්තාව සම්බන්ධයෙන් එම මාධ්‍යවේදියා සමරවීර මහතාගෙන් ප්‍රශ්නකර සිටියේය.

මංගල සමරවීර මහතාට ඇප ලබාදීමේ පුවත ආණ්ඩු පක්ෂ මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ  'ඉරිදා ලක්බිම' වාර්තා කර තිබුනේ මෙසේය.
'' සඳුදා සවස අධිකරණය නියෝග කළේ සාක්ෂි ඇත්නම් මංගල සමරවීර අත්අඩංගුවට ගන්නා ලෙසය. මෙම අධිකරණ නියෝගය ලැබිමට පෙර සිටම මංගල පාර්ශ්වයේ ඉහළ පෙළේ නියෝජිතයින් හා ආණ්ඩුවේ නියෝජිතයින් පිරිසක් අතර සාකච්ඡා මාලාවක් පැවැත්වුණේය. විටින් විට පැය හතලිස් අටක් පුරා මෙම සාකච්ඡාවන් පැවැත්විණි. ඒ සාකච්ඡා පැවැත්වූයේ රක්ෂිත බන්ධනාගාරගතවීමෙන් වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීම සඳහාය.

ඒ සාකච්ඡාවන් අනුව මංගලට ඉදිරිපත් කරන චෝදනා පිළිබද අවධානය යොමු කර තිබුණේය. මාතර ගැටුමින් අත්අඩංගුවට රක්ෂිත බන්ධනාගාරගතව සිටින පුද්ගලයින්ට විරුද්ධව ඉදිරිපත් කර තිබූ චෝදනාවන්ට වෙනස් චෝදනාවන් මංගලට ඉදිරිපත් කර තිබුණි. මේ නිසා මංගල ‍පොලීසිය භාරයට පත්වූ පසු ඇප මත මුදා හැරිණි.''

එම පුවත් වාර්තාව සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ සමරවීර මන්ත්‍රීවරයා,  රාජා මහේන්ද්‍රන් -මරා පාගමනේදී ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් තමා  අත්අඩංගුවට ගැනීම හා ඇප හිමිවීම ගැන පලවී ඇති එම වාර්තා මුළුමනින්ම අසත්‍ය, ජනාධිපති මාධ්‍ය අංශයේ අතේ රෝල් බව අවධාරණය කළේය.

'' ඔය නිව්ස් එක 'ප්ලාන්ට්' කරලා තියන්නේ ජනාධිපති මාධ්‍ය අංශයෙන්. සමහර පත්තර සොයා බැලීමක් නැතුව ඩලස් අලහප්පෙරුම, මහින්ද ඉලේපෙරුම එවන 'ප්ලාන්ට් නිව්ස්' ඔහේ පලකරනවා.

කොහොමවුනත් මම එකක් පැහැදිලිව කිවයුතුයි, රාජපක්ෂ පවුලයි - රාජා මහේන්ද්‍රන් මහත්තයයි එකාබද්ධව ගෙනියන ජනතා ද්‍රෝහී කුමන්ත්‍රණය පරාජය කරන සටනේදී මට එල්ලුම් ගහට යන්න වුනත්, මම කවදාවත් ඔය දුෂිත ජනාධිපතිගෙන් සමාවක් නම් ඉල්ලන්නේ නැහැ.'' යයි ද සමරවීර මහතා පැවසිය.

කෙසේවුවද, ජනාධිපති කාර්යාලයේ මාධ්‍ය අධ්‍යක්ෂ වරයකුවන මහින්ද ඉලේපෙරුම මහතාගේ පුවතින්, තමා මිට පෙර කිහිපවරක්ම සඳහන් කර ඇති කාරණයක් සනාථවී ඇති බවද සමරවීර මහතා සඳහන් කළේය.
'' අද රටේ නීතියක් නැහැ. නිතිය ක්‍රියාත්මක වන්නේ රාජපක්ෂ රෙජිමයට අවශ්‍ය විදියට. ජනාධිපති කාර්යාල වාර්තාව අනුව අද ඇප ඉල්ලන්න ඕන  අධිකරණයෙන් නෙමෙයි. ජනාධිපතිගෙන්.. ඇප නියම කරන්නේ ජනාධිපති.  විශේෂයෙන්ම පොදු රාජ්‍ය මණ්ඩල නායකයින්ගේ සැසිවාරයක් තියන මේ වෙලාවේ, මේ රටේ නිතිය බල්ලට ගිහිල්ල කියන එක මම අවධාරණයෙන් යුතුව කියනවා''  යයි ද එජාප සන්නිවේදන අංශ ප්‍රධානියා වැඩිදුරටත් පැවසිය. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos