-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කොළඹ මහානාම විද්‍යාලයේ පී.එස්.එම්. පැලකැටිය ගුරුවරිය තමන්ට වූ අසාධාරණයක් ගැන මාධ්‍ය හරහා ප‍්‍රකාශ කිරීම නිසා වැටුප් වර්ධකයක් විලම්භනය කිරීම, වෙනත් පාසලකට මාරු කිරීම, රුපියල් 30000 ක මුදලක් අය කර ගැනීම යන දඬුවම් නියම කර ඇති බවට ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා චෝදනා කරයි. 

තමන්ට වූ අසාධාරණයක් ගැන අධ්‍යාපනය අමාත්‍යංශය පියවර නොගැනීමේ තත්ත්වයක් තුළ මාධ්‍යයට එසේ කරුණු කීම නිසා ඇයට මෙවැනි දඬුවමක් ලබාදීම අසාධාරණ මෙන්ම මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති භාෂණයේ නිදහස උල්ලංඝණය කිරීමක් බවද ඔහු පෙන්වාදෙයි. 

මේ ඒ සම්බන්ධයෙන් ජෝසප් ස්ටාලින් මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනයකි. 

භාෂණයේ හිමිකම භාවිතයේ යෙදූ ගුරුවරියට දඬුවම් කිරීම අසාධාරණයි 

කොළඹ මහානාම විද්‍යාලයේ පී.එස්.එම්. පැලකැටිය ගුරුවරිය තමන්ට වූ අසාධාරණය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර නොගැනීම නිසා එම අසාධාරණය මාධ්‍ය හරහා ප‍්‍රකාශ කිරීම පදනම් කරගෙන ඇයට විරුද්ධව විනය පරීක්ෂණයක් කොට 2013.09.30 දිනැතිව අධ්‍යාපන ලේකම්වරයා විනය නියෝගයක් පනවා ඇත. 

එම නියෝගයෙන් ඇය මාධ්‍යයට කරුණු දැක්වීමට වරදකරු කොට වැටුප් වර්ධකයක් විලම්භනය කිරීම, වෙනත් පාසලකට මාරු කිරීම, රුපියල් 30000 ක මුදලක් අය කර ගැනීම යන දඬුවම් නියම කොට ඇත. 

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14 වෙනි වගන්තියේ සඳහන් භාෂණයේ හා ප‍්‍රකාශනයේ අයිතිය සෑම පුරවැසියෙකුට ම හිමිවන අතර එම අයිතිය හා මෙම විනය නියෝගය පැහැදිලිවම ගැටීමක් ඇති කරයි. 

ආයතන සංග‍්‍රහයේ XLVII 6.5 හා 6.1.4 අනුව ඇය විසින් ඉහළ බලධාරියෙකුගේ අවසරයකින් තොරව මාධ්‍යයට අදහස් ප‍්‍රකාශ කිරීම හා තම දුක්ගැනවිල්ලක් හෝ මධ්‍ය හරහා ප‍්‍රකාශ කළ නොහැකිය යන්න පදනම් කරගෙන මෙම දඬුවම නියම කර ඇත. 

ලංකා ගුරු සංගමයේ කොළඹ දිස්ති‍්‍රක් කි‍්‍රයාකාරිණියක ලෙස කටයුතු කරන මෙම ගුරුවරිය තමන් සම්බන්ධයෙන් සාධාරණය ඉටු කරවා ගැනීම සඳහා මාධ්‍ය හමුවේ මෙම ප‍්‍රකාශ කරන ලද්දේ අධ්‍යාපන බලධාරීන් ඇයට සාධාරණත්වය ඉටු කිරීම කටයුතු නොකළ නිසාය. 

ඇයගේ පැමිණිල්ල සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය කි‍්‍රයාකාරී වූයේ ද මාධ්‍ය හරහා සිය දුක්ගැනවිල්ල ඇය විසින් ප‍්‍රකාශ කිරීමෙන් අනතුරුවය. එවැනි පසුබිමක සිදු වී ඇත්තේ පැමිණිලිකරුවෙකු දඬුවම් ලැබීමයි. 

ජනමාධ්‍ය උපයෝගී කරගෙන විවිධ වරප‍්‍රසාද ලත් පිරිස් මාධ්‍යයට අදහස් ප‍්‍රකාශ කළ ද ඔවුන් සම්බන්ධයෙන් සහනශීලී පිළිවෙතක් අනුගමනය කරන අධ්‍යාපන අමාත්‍යාංශය තමන්ට සිදුවූ අසාධාරණයන් වෙනුවෙන් මාධ්‍ය හරහා සාධාරණත්වය ඉටු කර ගැනීමට උත්සාහ දරන පිරිසට දඬුවම් කිරීම හරහා පෙන්නුම් වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දෙබිඩි පිළිවෙතයි. 

තාක්ෂණයෙන් හා සන්නිවේදනයෙන් දියුණු වර්තමාන වටපිටාව තුළ මෙම දඬුවම තොරතුරු ලබා ගැනීමේ හා ලබාදීමේ අයිතියට ද බරපතළ බාධාවකි. මෙම තත්ත්වය තුළ ආයතන සංග‍්‍රහය උපයෝගී කරගෙන ජනමාධ්‍යයට අදහස් ප‍්‍රකාශ කිරීමට බාධා පැමිණවීම සම්බන්ධයෙන් කි‍්‍රයාකාරී මැදිහත්වීමක් කරන ලෙස ලංකා ගුරු සංගමය ජනමාධ්‍ය සංවිධානවලින් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින සියලූ බලවේගවලින් ඉල්ලා සිටී. 

ජෝසප් ස්ටාලින්

ප‍්‍රධාන ලේකම් 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos