-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පිටකොටුවේ සිට කොට්ටාව දක්වා ගමන් ගත් පෞද්ගලික බසයකි. කාර්යාල වේලාව අවසන් වී තිබීම නිසා බසයේ අස්සක් මුල්ලක් නෑර මගීන්ගෙන් පිරී ඉතිරී ගොසිනි.

බසයේ මැද භාගයේ අසුනේ තරුණ යුවළක් වාඩි වී ගමන් කළහ. බසසේ සිටි බොහෝ දෙනාගේ නෙත් මේ දෙදෙනා වෙත යොමු වුණේ ඔවුන්ගේ හැසිරීම නිසාය.

පේ‍්‍රමයට වඩා වැඩි දෙයක් එම අසුනේ සිදු වීම බසයේම සිටි සියලූ දෙනාගේ අප‍්‍රසාදයට හේතු විය.

අසල අසුනේ සිටි උපකාරක පන්ති අවසන්ව යන සිසුන් සිය දෑස් දෑතින් වසාගෙන සිටින්නට විය.

එසැණින් බසයේ සිටි මගීන්ගේ ඉවසීමේ සීමාව කෙළවර විය.

පෙම් සුව විඳිමින් සිටි දෙදෙනාට සදාචාරය හා සංස්කෘතිය පිළිබඳව මහ හයියෙන් පාඩම් කියා දෙන්නට විය.

ඒ අතර එක් මගියකු ලූණු ඇඹුල් ඇතිව ආසන්න අසුනේ සිටි දරුවන් පෙන්වා මෙම යුවළට උපදෙස් දෙන්නට ඉදිරිපත් වූයේය.

ඒත් සමගම පෙම්වතා අසුනෙන් නැගිට අවවාද දුන් පුද්ගලයාට පහර පිට පහර දෙන්නට විය.

බසයේ සිටි මගීන්ගේ අවධානය පහර කෑ පුද්ගලයා වෙත යොමු විණි.

මේ සියලූ සිදුවීම් සිදු වෙද්දී බසය මහරගම නගරය පසු කරමින් ධාවනය වෙමින් පැවතියේය.

හූ හඬ හා විරෝධය මැද්දේ අශෝභන ලෙස බසයේ සිටි දෙපළට ගමන කෙළවර නොකරම බැස යන්නට සිදු විය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos