-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අධිකරණය තහනම් නියෝග ලබාදී තිබියදී අධ්‍යාපන වෙළෙඳ කලාප විවෘත කිරීමට එරෙහිව අද (16දා) දිවයිනේ ප්‍රධාන නගර පහක උද්ඝෝෂණ පැවැත්වීමට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව කුරුණෑගල, මහනුවර, අනුරාධපුර සහ ගාල්ල නගරවල අන්තරයේ සාමාජිකත්වය ලත් විශ්වවිද්‍යාල සිසුහු අද උද්ඝෝෂණවලට සහභාගි වෙති.ආණ්ඩුව හෝ බි්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් කුමක් කීවත් අධ්‍යාපන වෙළෙඳ කලාප පිහිටුවීමට අදාළව ගිවිසුම් අස්සන් කිරීමක් හෝ විවෘත කිරීමක් බි්‍රතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරා අතින් අද සිදුවීමට නියමිත බව අන්තර් විශ්වවිද්‍යාලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා ‘මව්බිම’ට පැවැසීය.

අධ්‍යාපන වෙළෙඳ කලාප පිහිටුවීමෙන් ශ්‍රී  ලාංකික ශිෂ්‍ය පරපුරේ උසස් අධ්‍යාපන අයිතිය පිරිහෙන බවත්, ඒ හේතුවෙන් ආණ්ඩුව අධ්‍යාපන වෙළෙඳ කලාප ව්‍යාපෘති හකුළා ගන්නා තුරු තම සටන අත්නොහරින බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

විශ්වවිද්‍යාල ආචාර්යවරු, ශිෂ්‍ය සංගම් විරෝධය පළ කරන විටදී ආණ්ඩුව විශ්වවිද්‍යාල වැසීමට ක්‍රියා කළේද මෙකී ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා වූ සැලසුම් ක්‍රියාත්මක කිරීමට බවත් සංජීව බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවැසීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos