යුරෝපා අභ්‍යවකාශ මධ්‍යස්ථානය මඟින් 2009 වසරේදී අභ්‍යවකාශ ගතකරන ලද චන්ද්‍රිකාව පෙරේදා (14 දා) දකුණු අත්ලාන්තික් සාගරයේ නොක්ලන්ඩ් දූපත් අසල මුහුදට කඩා වැටී ඇති බව යුරෝපා අභ්‍යවකාශ මධ්‍යස්ථානය ප්‍රකාශ කර ඇත.
කිලෝග්‍රෑම් 1000කට ආසන්න බරකින් යුත් මෙම චන්ද්‍රිකාව පෘථිවියේ වායුගෝලය හා ගැටීමේදී එහි 3/4 ක් දැවී විනාශ වී ඇති බවද යුරෝපා අභ්‍යවකාශ මධ්‍යස්ථානය ප්‍රකාශ කර ඇත.
මෙම කඩා වැටීමේදී කිසිදු වැසියකුට අනතුරක් සිදු නොවනු බැවින් කිසිදු බියක් ඇතිකර නොගත යුතු බව එම මධ්‍යස්ථානය අවධාරණය කරයි.