ස්පාඤ්ඤයේ මුහුදු තීරයකට හදුනාගත නොහැකි මුහුදු ජිවියෙකුගේ සිරුරක් ගොඩ ගසා තිබෙනවා. දැඩි දුර්ගන්ධයකින් යුතු මේ සිරුර අඩි පහක් පමණ දිගකින් යුක්ත අතර එහි හිසේ අඟක් වැනි දෙයකුත් තිබෙනවා.
ඇල්මේරියා නමැති ප්‍රදේශය ආසන්නයේ පිහිටි ගම්මානයක වෙරළ තිරයට ගොඩ ගැසූ මෙම සිරුර මුලින්ම දැක ඇත්තේ මුහුදේ පිහිනීමට ගිය අයෙකු විසිනුයි. ඒ තැනැත්තා ඔහුට ඇතිවූ කුතුහලය නිසා එම මුහුදු ජීවියාගේ සිරුර එහෙට මෙහෙට අවුස්සා බලා ඇති අතර එම නිසාද එයට හානිව තිබෙනවා. එතන සිටි මහජන ආරක්ෂක නිලධාරියෙක් කියා සිටින්නේ 'ඇත්තටම මේ මොකක්ද කියලා අපි දන්නේ නෑ. හැබැයි මේක සැහෙන්න නරක් වෙලා තියෙන්නේ. එ හින්දා ළඟ ඉන්න බැරි තරම් දුර්ගන්ධයක් හමනවා මේකෙන්.'කියායි. කෙසේවෙතත් මේ අබිරහස් සතාගේ සිරුරේ කොටස් පරීක්ෂණ කටයුතු සදහා එහි සමුද්‍ර ආරක්ෂක ආයතනය විසින් රැගෙන ගොසින් තිබෙනා බවද සදහන්.