-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කාලයක් තිස්සේ අපේ රංගන ක්ෂේත්‍රයේ රැඳී ඉන්න සම්මානනීය නිළියක් දමිතා අබේරත්න. ඇය තමන්ගේ රංගන දක්ෂතාවෙන් අපේ රට ජාත්‍යන්තරයට පවා ගෙනගිය  කෙනෙක්. ඒත් මේ දවස්වල අපි දමිතාව නොදකින තරම්. අපි දමිතාට කතා කළේ රංගනයෙන් ඈත් වෙලා ඉන්න හේතුව දැනගන්නත් එක්ක.
ඇයි දැන් රංගනයෙන් ඈත්වෙලා?
වැඩිපුර පේන්නෙ නැති එකත් හොඳයිනේ. කොහොමත් මම එක දිගට  වැඩ  කරන්නේ නැහැ.  හැබැයි  මම රංගනයෙන් ඈත් වෙන්නේ නම් නැහැ. මොකද මම රංගනයට පුදුම තරම් ආදරේ කරන කෙනෙක්.

දවසෙම ගෙදර ඉන්නකොට මොනවාද කරන්නේ?
මට ඉන්නවා බලු පැටව් හතර දෙනෙක්. කලින් නම් පස් දෙනක් හිටියා. එක්කෙනක් නැති වුණා.  ගෙදර ඉන්නකොට එයාලගේ වැඩ තමයි කරන්නේ. ඒ හතර දෙනාටත්  සතුටුයි මම ගෙදර ඉන්නකොට. මගේ ළඟම වාඩි වෙලා ඉන්නවා.  ඒ ඇරුණම ඉතිං චිත්‍රපට බලන එක තමයි ගෙදර ඉන්නකොට කරන්නේ.

ගෙදර වැඩවලට දමිතා උදව් වෙනවද?
ගෙදරට ඕන කරන බඩු ටික ගෙනැත් දෙන එක තමයි මම කරන උදව්ව. මම තවමත් බඩු ගේන්න දෙල්කඳ ‍පොළට යනවා. හැබැයි ගියාම එන්නේ පැය ගාණකට පස්සේ. මොකද මගදී මාත් එක්ක කතා කරන හැමෝටම මම කතාකරනවා.

ඒ කියන්නේ ජනප්‍රියකම කරදරයක් වෙලාද?
මිනිස්සු කතා කරන්නේ ආස නිසානේ. ඒක මට කවදාවත් කරදරයක් වෙලා නැහැ.

අලුත් අය ආඩම්බරයිද?
සමහර අය හිතනවා රඟපාන්න ආවම අමුතු  ලෝකෙකට ආවා කියලා.  මිනිස්සු එක්ක හිනාවෙන්නත් ගෙවන්න ඕන කියලයි ඒ අය හිතන්නේ. ඒකයි එහෙම වෙන්නේ.

දැන් දමිතාගේ නඩුහබ කෙළවර වෙලාද?
තවම ඉවර වෙලා නැහැ. ඒත් මම හිතනවා ඒවාට හොඳ විසඳුම් ලැබේවි කියලා. මම ඒ ගැන හිතන්නේ නැහැ.  හිතන්න වෙලාවකුත් නැහැ.  වෙලාවක් තිබුණත් මම ඒවා ගැන  හිතන්නේ නැහැ. මොකද මම කාටවත් වැරදි කරලා නැහැනේ.

දමිතාගෙයි සේමිණිගෙයි නඩුව නිසා ක්ෂේත්‍රයේ අයත් දෙකට බෙදුණද?
මට පහර ගහන්න හිටපු කිහිපදෙනෙක්  සේමිණීට එකතු වෙලා මාව අපහසුතාවට පත් කරන්න හැදුවා.  ඒත් ඒ දේවල්වලින් මම වැටුණේ නැහැ. මාව වට්ටන්නත් බැහැ.

ඇයි ඒ අය දමිතාට පහර ගහන්නේ?
මම හොඳට රඟපාන කොට, මට වැඩ තියෙනකොට මේ රටේදී වගේම පිටරටදිත් සම්මාන ලැබෙනකොට  ඒ අයට  ඇතිවෙන ඉරිසියාවට තමයි එහෙම දේවල් කරන්නේ. මම දමිතා අබේරත්න කියන සම්මානනීය නිළිය නිසයි මට මෙහෙම වෙන්නේ.

මේ ප්‍රශ්න නිසා දමිතා අපහසුතාවට පත් වෙලාම නැද්ද?
කාටවත් මාව වට්ටන්න බැහැ. මම යන ගමන නතර කරන්නත් බැහැ. කවදාහරි මට රඟපාන්න බැරි වුණොත් එදාට වෙන රස්සාවක් කරලා හරි මම මගේ ජීවිතේ මගේ දේවල් ටික කරගන්නවා.

දමිතාගේ අඩුපාඩු හොයන අය ගැන දමිතාට තියෙන්නේ තරහක්?
මම කා එක්කවත් තරහ නැහැ. මම හැමදාම කියන්නේ මම ගැන කාටහරි ප්‍රශ්නයක් තියෙනවා නම්  කෙළින්ම ඇවිත් කතා කරන්න කියලා.  ඒත් මට පහර ගහන්න හදන කවුරුවත් තවම නම් එහෙම ඇවිත් නැහැ.

ඇයි ඒ අය එහෙම නොඑන්නේ?
ඒ අයට එහෙම ඇවිත් කතා කරලා ඔය පතුරුවන ඕපාදූප ඔප්පු කරන්න බැහැනේ.

දමිතාගේ වැරදි කියන අයගේ වැරදි නැද්ද?
තමන්ගේ මුළු ආත්මෙම පාවාදීලා පවුලත් පාවාදීලා ක්ෂේත්‍රයට ආපු සුළු පිරිසක් තමයි අනුන්ගේ වැරදි හොයලා ඒවා පතුරුවලා ජනප්‍රිය වෙන්න හදන්නේ. තමන් කරන වැරදි අනිත් අයපිට පටවන්නයි ඒ අයට ඕන කරන්නේ.

දැන් රංගන ක්ෂේත්‍රය ගැන කලකිරිලාද?
මට තියෙන්නේ කලකිරීමක් නමෛයි. දුකක්, කනගාටුවක්. ළඟින් ඉන්න අයම බෙල්ල කපනවා කියලා මම දැනගත්තේ අවුරුදු තිස්දෙකක් ක්ෂේත්‍රයේ ඉඳලා ලබපු අත්දැකීම්වලින්.

දමිතාට ජීවිතේ වැරදිලාම නැද්ද?
මම හිතනවා මට මගේ ජීවිතේදී ලැබුණේ හොඳම දේවල් කියලා. අම්මා, තාත්තා, සහෝදරයෝ, නිළියක් වීම මේ හැමදේම හොඳම දේවල් මට වැරදුණේ ආදරේ කරලා විතරයි.

ඇයි ආදරේ කරලා වැරදුණා කියන්නේ.?
මම කෙනෙකුට ආදරේ කළා. බඳින්නම හිටියා. පස්සේ මගේ සල්ලි එයාට මදි වුණා. මට වැරදුණේ එයාට මැරීගෙන ආදරේ කරපු නිසා.

දැන් විවාහය ගැන තීරණයක් අරගෙනද?
මගේ විවාහයට දැන් හැමදේම ලෑස්තියි. දැන් මම විවාහ වෙන්න ඉන්න කෙනා මට මුණ ගැහුණේ මීට අවුරුදු දහයකට කලින්. අපි ළඟදීම විවාහ වෙනවා. මගේ වැඩ වැඩිකම නිසයි විවාහය කල් යන්නේ.

මේ තීරණේ හරියටම හරිද?
සියයට සීයක් ගැළපෙන අය මේ ලෝකේ නැහැනේ. අපි අපට ගැළපෙමින් තේරුම් අරගෙන ජීවත් වෙනවා. දැනට දැනෙන විදියට දැන් මුණ ගැහිලා ඉන්නේ මට ගැළපෙන කෙනා.

විවාහය පරක්කු වෙන එක ගැන ගෙදරින් දොස් කියලා නැද්ද?
අම්මා කියන්නේ මගේ කේන්දරේ හැටියට මගේ විවාහය පරක්කුයි කියලා. අම්මා කියන්නේ පරක්කුවෙලා හරි හොඳ දෙයක් වෙනවා නම් කමක් නැහැ කියලා.

නෙලූෂා සිල්වා - Rivira newspaper

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos