පුද්ගලයින් 298 දෙනෙකු සමග නැගෙනහිර යුක්රේනයේදී ප්‍රහාරයට ලක්වූ මලයාසියානු යානයේ ගමන් ගත් මගීන් පිළිබද තොරතුරු මේ වන විට වාර්තා වෙමින් තිබෙනවා.
එලෙස ගමන් ගත් තවත් මගීන් දෙදෙනෙකුගේ මගීන් පිළිබද මෙලෙස තොරතුරු මෙලෙස විදෙස් මාධ්‍ය වෙත ලබාදී ඇත්තේ ජීවිතක්ෂයට පත්වූවන්ගේ කුඩ අම්මායි.
නමින් ඇය කේලින් මෑන්...
MH17 ගුවන් අනතුරින් ඇගේ සැමියාගේ ප්‍රථම විවාහයේ දෝණිය සහ එම දියණියගේ ස්වාමි පුරුෂයායි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
එම යුවළ දේපළ වෙළෙදාමේ නිරත වන්නන් වන බවද සදහන්. මාසයක පමණ කාලයක් නිවාඩුවක් ගත කිරීම සදහා යුරෝපයේ සංචාරයක නිරතවීමෙන් අනතුරුව එම යුවළ නැවත සිය නිවස බලා පැමිණෙමින් සිටියදීයි මෙලෙස මෙම අනතුරට මුහුණ පා තිබෙන්නේ.
මෙම යුවළට කුඩා දරුවන් දෙදෙනෙකු ද සිටින බවයි කේලින් මාධ්‍ය වෙත පවසා ඇත්තේ.
මැලේසියානු ගුවන් සේවයෙහි පියාසර කිරීමට ටිකට් පත් ලබාගැනීමට පෙර ඔවුන් දෙදෙනා වෙනත් ගුවන් සේවයක් තෝරාගන්නවාදැයි සිතා නැවත වරක් මැලේසියානු ගුවන් සේවයෙහි ටිකට් පත් ලබාගෙන ඇති බවටයි කේලින් පවසන්නේ.
ඒ කෙසේ වෙතත් කේලින් මෑන් වැඩි දුරටත් අදහස් දක්වමින් මාධ්‍ය වෙත පවසා ඇත්තේ මීට පෙර මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 ගුවන් යානය අතුරුදහන්වීමට ලක්වූ අවස්ථාවේදී ද එහි තම සහෝදරයා සිටි බවයි.
මෙය තමන්ට දරාගත නොහැකි බවයි කේලින් හඩා වැලපෙමින් මාධ්‍ය වෙත පවසා ඇත්තේ.