සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ගමන් ගත් ඔහුගේ පෞද්ගලික ගුවන් යානය හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් රත්මලාන ගුවන්තොටුපොළට ගොඩබස්වා ඇත.
ඒ වන විට ෂාරුක් ඛාන් සමඟ තවන් ඉන්දීය නිළියන් කිහිප දෙනකුද එම පෞද්ගලික ගුවන් යානයේ සිට ඇති බව පැවැසේ.
කාර්මික දෝෂය හේතුකොටගෙන එම ගුවන් යානය රත්මලානට ගොඩ බැස්සවීමෙන් අනතුරුව ෂාරුක් ඛාන් රත්මලානේ සිට 'මැරීන් ඩ්‍රයිව්' මාර්ගය ඔස්සේ ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි සුපිරි හෝටලයක් වෙත පයින්ම ඇවිදගෙන ගොස් තිබේ.
එහිදී මඟ දෙපස රැස්ව සිටි පිරිසගෙන් ෂාරුක් ඛාන්ට ඉතා ඉහළ පිළිගැනීමක් ලැබී තිබේ.
කෙසේ වෙතත් ෂාරුක් ඛාන් එම හෝටලයේ නවාතැන් ගෙන සිටින බව දැනගැනීමත් සමඟ ඔහුගේ රසිකයන් දහස් සංඛ්‍යාවක් ෂාරුක්ව දැක බලා ගැනීමේ අරමුණින් හෝටලය වටලාගෙන සිට ඇති බවද දැනගන්නට තිබේ.





