කොටුව ජනාධිපති මන්දිරය හා තංගල්ල කාල්ටන් මන්දිරය සම්බන්ධ කෙරෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා භාවිත කරන ජු දුරකථනය පසුගිය සිකුරාදා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් විසන්ධි කර තිබේ..
මෙම දුරකථන මාර්ගය විසන්ධි කිරීමට පෙර ඒ පිළිබඳ කිසිදු දැනුම්දීමක් හෝ විමසීමක් ටෙලිකොම් සමාගම විසින් සිදුකර නැතැයි ද වාර්තා වෙයි.පසුගිය දින කිහිපය මුළුල්‍ලේම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තංගල්ල කාල්ටන් නිවසේ ගත කළ නිසා කොටුව ජනාධිපති මන්දිරය හා තංගල්ල ජුවම සම්බන්ධ කෙරෙන දුරකථන මාර්ගය මේ අයුරින් විසන්ධි කිරීම නිසා රාජකාරි කටයුතු සඳහා කොටුව ජනාධිපති මන්දිරය හා සම්බන්ධ වෙමින් ජනාධිපතිවරයා ඇමතීමට උත්සාහ කළ බොහෝ දෙනකුට මෙම හේතුව නිසා එම අවස්ථාව අහිමි වූ බව ද දැනගන්නට තිබේ.
බිල්පත් ගෙවීමක් සම්බන්ධයෙන් ඇති වූ සන්නිවේදන දුර්වලතාවක් හේතුකොටගෙන මෙම තත්ත්වය ඇතිව තිබූ බව දැනගන්නට ඇති අතර දුරකථනය විසන්ධි කිරීමට පෙරාතුව ඒ සම්බන්ධයෙන් කිසිදු දැනුම්දීමක් හෝ විමසීමක් සිදු නොකිරීම පිළිබඳ මේ වන විට සොයා බලමින් පවතින බව ද වාර්තා වෙයි.