කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ නිළධාරීන් විසින් කොල්ලූපිටිය පිහිටි සුප‍්‍රසිද්ධ හෝටලයක ඉඳි ආප්ප සහ තෝසේ පිඟානක පණුවෙක් සිටීමේ සිද්ධියක් මත එම හෝටලය සීල් තබා නඩු පවරා ඇත.
එහි හිමිකරුවාට එරෙහිව මාළිඟාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පැවරූ බව කොළඹ මහ නගර සභාවේ ප‍්‍රධාන ආහාර පරීක්ෂක ලාල් කුමාර මහතා පැවසීය.
නගර සභාවේ ආහාර පාලන ඒකකයට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදු කළ බවත් පසුව හෝටලය වසා තබා වහාම පිරිසිදු කිරීමට පියවර ගෙන ඇති අතර හෝටල් හිමිකරුට තරයේ අවවාද කර අධිකරණමය ක‍්‍රියා මාර්ග ගත් බවද හෙතෙමකීය.