මාර්ග සංඥා එළිද ක්‍රියාත්මක වනු ඇත්තේ මාර්ගයේ වාහන ගමන් කිරීමට යෙදෙන අවස්ථාවලදී පමණක් වනු ඇත. ඒ ඒවායේ වන ආලෝක විමෝචක බල්බ විසින් චලනයන්ට හා ශබ්දයන්ට දක්වන ප්‍රතිචාරවල ප්‍රතිඵලයක් ලෙසය. ඉහත විස්තර කෙරෙන ලද්දේ චීනයේ කුන්මින් නගරය සඳහා ගෘහ නිර්මාණ ශිල්පී වින්සන්ට් කැලබට් විසින් නිර්මාණය කරන ලද සැලසුමකි. නගරය හා ගම්මානය අතර සමාජීය සබඳතාව ප්‍රතිනිර්මාණය කිරීම වෙනුවෙන් වෙහෙසෙන ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන “කැලබට්” චීනයේ ශීඝ්‍රයෙන් ඉහළ යන ක්ෂය වන බලශක්ති පරිභෝජනයට විසඳුමක් ලෙස මෙම නව නගර සංකල්පය ඉදිරිපත් කොට තිබේ.
“ෆ්‍ලේවර්ස් ඕර්චඩ්” ලෙස නම් කොට ඇති මෙම නව සංකල්පීය නගර ව්‍යාපෘතිය නිර්මාණය කෙරෙනු ඇත්තේ කුන්මින් නගරයේ වන “ඩියෑන්චි” ජලාශය කේන්ද්‍ර කර ගනිමින් වර්ග මීටර අනූදහසක ප්‍රදේශයක් ආවරණය වන සේය.