දක්ෂිණ අධිවේගි මාර්ගයේ මාතර සිට මහරගම දක්වා බස් ධාවනය මිට සුළු මොහොතකට පෙර ආරම්භ කෙරුණා. වාර්තාකරු ටී.කේ මහින්ද පැවසුවේ පළමු බස් රථය උදෑසන 7.20ට යෙදුණු සුභ මොහොතින් මාතර බස් නැවතුම්පලින් ගමන් ආරම්භ කළ බවයි.
" අද මාතර සිට මහරගම දක්වා පළමු බස් රථය ධාවනය කරනු ලැබුවා පෞද්ගලික බස් රථ 12ක් හා ගමනා ගමන මණ්ඩයේ බස් රථ 10ක් ධාවනයට එක්ව තිබේනවා. මෙ වන විට විශාල පිරිසක් මාතර සිට මහරගම දක්වා යාමට සුදානමින් සිටිනවා. "