අබුඩාබියේ රොටානා ජෙට් ගුවන් සේවය හෙට (09) සිට මත්තල ගුවන් තොටුපොළට පියාසර කිරීමට නියමිත බව වාර්තා වේ.
මේ අනුව, සතියකට ගුවන් ගමන් වාර තුනක් මත්තල සහ කටුනායක ගුවන් තොටුපොළවල් වලට රොටානා ජෙට් විසින් ක්රියාත්මක කරනු ඇත.
එයාර්බස් 319 ගුවන් යානයක් භාවිතා කරන අතර Al Bateen ගුවන් තොටුපොළේ සිට බදාදා, බ්රහස්පතින්දා සහ සෙනසුරාදා මෙම ගුවන් ගමන් ක්රියාත්මක කරන බවද පැවසේ.
මෙම ගුවන් ගමන් ප්රමාණය සතියකට හයක් දක්වා වැඩිකර ගැනීමට මෙරට ගුවන් තොටුපල බලධාරීන් අපේක්ෂාවෙන් සිටින බවද මේ අතර වාර්තා වේ.