-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ අංක 4(2) නියෝගය යටතේ ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් පසුගියදා ප්‍රකාශයට පත්කරනු ලැබූ ගැසට්‌ නිවේදනය අනුව ත්‍රස්‌තවාදි කටයුතුවලට සම්බන්ධ බවට නම් කොට ඇති පුද්ගලයින් 424 දෙනා අතර සිංහල ජාතිකයින් දෙදෙනකුගේ නම් ද ඇතුළත්ය.
එම ලැයිස්‌තුවේ 200 වැනියා ලෙස දක්‌වා ඇත්තේ අන්ද්‍රහැන්නදිගේ චමින්ද දර්ශන හෙවත් "අයිස්‌ මංජු" නමැත්තාය. අංක 47, සමගිපුර, ලිංගනගර්, ත්‍රිකුණාමලය හා 38/10, සමුදුගම, ත්‍රිකුණාමලය යන ලිපිනයන්හි පදිංචිවී සිටි ඔහු දැන් ඉන්දියාවේ සිටින බවද එම ගැසට්‌ නිවේදනයේ දැක්‌වේ.
අනිත් සිංහල ජාතිකයා එම ලැයිස්‌තුවේ අංක 350 යටතේ නම්කොට ඇති ගුණරත්න බන්දුල ගජවීර නමැත්තාය. අක්‌කරෙයිපත්තුව, අම්පාර ලිපිනයේ පදිංචිව සිටි ඔහු 2010 දෙසැම්බර් 6 දින ජාත්‍යන්තර පොලිසියේ රතු ලැයිස්‌තුවේද නම් සඳහන් අයෙකි. මෙම පුද්ගලයා ශ්‍රී ලංකාවේ සැඟවී සිටිතැයි විශ්වාස කෙරෙන අතර ඔහු පදිංචි ස්‌ථානයක්‌ද සොයාගෙන නැත.
එල්.ටි.ටි.ඊ. ඩයස්‌පෝරාවේ ප්‍රධානතම ක්‍රියාකාරීන් 424 ක්‌ තහනම් පුද්ගලයන් බවට රජය ප්‍රකාශයට පත්කර ඇත.
ඊට අදාළ තහනම් නියෝගය ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර තිබේ.
වෙල්ලමුල්ලි වයික්‌කාල්හි එල්.ටි.ටි.ඊ. ජාත්‍යන්තර අංශයේ නායක කස්‌ත්‍රොගේ බංකරයේ තිබී හමු වූ එල්.ටි.ටි.ඊ. ඩයස්‌පෝරා ලැයිස්‌තුවේ මෙම පිරිසගේ නම් සඳහන් තිබුන බව රජය පවසයි.
මොවුන් එල්.ටි.ටි.ඊ. සංවිධානයට අවි ආයුධ අරමුදල් සහ වෙනත් පහසුකම් සපයා ඇතැයි ද රජය කියයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos