මැලේසියානු ගුවන් සමාගමට අයත් MH370 දරන යානය අතුරුදන් වී අදට මසක කාලයක් සපිරෙයි.
මේ වන තෙක් ඒ පිළිබඳව කිසිදු තොරතුරක් ලැබී නොමැත.
කෙසේ වෙතත්, මේ වන විට ගුවන් යානයක කළු පෙට්ටියේ සංඥා ඉන්දියන් සාගරයේ ස්ථානයකින් ලැබී ඇතැයි ඔස්ට්‍රේලියාව ඊයේ නිවේදනය කළේ ය.
එම සංඥා බොහෝ විට MH370 යානයේ කළු පෙට්ටියේ සංඥා බවට ඔස්ට්‍රේලියාව විශ්වාස කරයි.
මේ අතර, ගුවන් යානා විශේෂඥයින් පවසන්නේ, කළු පෙට්ටියේ ක්‍රියාකාරීත්වය මසක කාලයක් සඳහා පමණක් පවතින බව ය.
ඒ අනුව, MH370 යානයේ කළු පෙට්ටියේ ඇතුළත් දත්ත ලබා ගැනීම ඉමහත් දුෂ්කර කටයුත්තක් වනු ඇතැයි ඔවුහු පවසති.
මෙම යානය මගීන් 239 දෙනෙකු සමග පියාසර කරමින් තිබියදී අතුරුදන් වූයේ, පසුගිය මාසයේ 8 වන දා ය.