වයස අවුරුදු 09 ක් වන බාලවයස්කාර තම දියණියව දුෂණය කළ බව කියන 30 හැවිරිදි අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව දංකොටුව පොලීසිය කියයි.
අතවරයට ලක්ව ඇත්තේ දංකොටුව පොලිස් වසමේ යෝගියාන, කළුඅච්චිමුල්ල අක්කර 05 ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියකි.
ඇය ප්‍රදේශයේ පාසලක 05 වන වසර පන්තියේ ඉගෙනුම ලබමින් සිට ඇත.
පසුගිය ජනවාරි මස 13 ත් 21 ත් අතර කාලය තුළ තම පියා විසින් තමන්ට මෙම අපරාධය සිදු කළ බව දැරිය පොලීසිය හමුවේ පවසා තිබේ.
සැකකරුගේ බිරිඳ ඔහු හැර ගොස් ඇති අතර පසුව සැකකරු වෙනත් විවාහයක් කරගෙන ඇතත් අතවරයට පත්ව ඇති දැරියද ඔවුන් සමග වාසය කර ඇත.
සිද්ධිය වූ දිනයේ පියාගේ බිරිඳ වන තම පුංචි අම්මා දරුවෙකු ලැබීම සදහා රෝහල් ගත වූ බවත්,එදින මල්ලී සමග රාත්‍රීයේ නිදා සිටින විට තමන් අසලට පැමිණි සැකකරු මෙම අපරාධය මුල් වරට සිදු කළ බවත් දැරිවිය පොලීසියට පවසා ඇත.
ඊට පසුව ද නැවත වතාවක් තම පියා විසින් තමන්ව දුෂණය කළ බවත් මේ සම්බන්ධයෙන් කිසිවෙකු හා නොකියන ලෙසට ඔහු තර්ජනය කළ බවත් ඇය පොලීසියට කියා තිබේ.
දැරියගේ ප්‍රකාශය අනුව ඇයගේ පියා වන සැකකරු දංකොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දංකොටුව දිසා රෝහලට ඇතුළත් කර ඇත.
සැකකරු මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.