-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සඳුනි සුරේන්ව දැන හඳුනා ගත්තේ වැඩිහිටියකු ගෙනාපු යෝජනාවකින්. එම හඳුනාගැනීමෙන් මාස හයකට පමණ පසුව ඔවුන්ගේ විවාහය ලියාපදිංචි කළා. ඒ පසුව විවාහ මංගල උත්සවය ගැනීමේ අරමුණ ඇතිවයි.
සඳුනි සුරේන්ට බොහෝ සෙයින් ආදරය කළා. ඔහු කියන ඕනෑම දේකට අවනත වෙන්න ඇය පසුබෑවේ නෑ. ඒ නිසාම සඳුනි සුරේන් සමග කායික සම්බන්ධතා පවා පැවැත්තුවා. තමාත් සුරේනුත් නීතියෙන් විවාහ වී හිඳින නිසා සඳුනි තුළ බයක් තිබුණෙත් නෑ.
ටික කාලයක් ගත වන විට සඳුනිගේ ලිංගාශ්‍රිත ප්‍රදේශයේ වේදනාකාරී තුවාලයක් මතු වුණේ ඉබේම වගේ. සඳුනිට දැනුණෙ ලොකු බයක්. තමාට කුමක් හෝ සමාජ රෝගයක් වැළඳි ඇති බවට සඳුනි තුළ සැකයක් ඇති වුණා. නමුත් ඇය කවදා වත් සුරේන් හැර කිසිම පිරිමියෙකු සමග කායිකව එක්වී තිබුණෙ නෑ. ඒ අනුව තමාට එබඳු රෝගයක් වැළඳී ඇත්නම් ඒ සුරේන් නිසාම බව සඳුනිට හොඳ හැටි විශ්වාසයයි.
ඉන්පසුව  ඇය සුරේන්ටත් නොකියාම වෛද්‍යවරයකු වෙත ගියා. එහිදී සිදු කරන ලද පරීක්ෂණ මගින් ඇයට හර්පීස් නම් ලිංගාශ්‍රිත රෝගය වැළඳී ඇති බව අනාවරණය වුණා. එයින් සඳුනි විශාල කම්පනයකට පත්ව එදිනම සුරේන්ව හමු වුණා.
සඳුනිගෙ රෝගය පිළිබඳ  ඇය හෙළි කරද්දී සුරේන්  කලබල වුණේ නෑ.
‘ඇත්ත කියන්න ඔයා වෙන කවුරු හරි එක්ක සම්බන්ධකම් පවත්වනවද? කියල සඳුනි ඇහුවම සුරේන් නිහඬව සිටියා. අන්තිමේ ඇය කීප වතාවක්ම බල කරලා අහන කොට ඔහු කිව්වා ‘ඔව් මාව එපා නම් මගෙන් අයින් වුණාට කමක් නෑ’ කියලා.
මේ වදන් සඳුනිට දැනුණේ ඈත ලෝකයකින් ආවා වගේ. සඳුනි එක් වරම ක්ලාන්ත වුණා. එදා සඳුනි ගෙදර ආවෙ සිය දිවි නසා ගන්න හිතෙන තරම් ප්‍රබල වේදනාවකින්.
ඉන්පසු ඇය සුරේන් ගැන තොරතුරු සොයන්න පටන් ගත්තා. ඇයට දැන ගන්න ලැබුණු විදිහට සුරේන් ටික කලක ඉදලා එක්තරා විවාහක කාන්තාවකව ඇසුරු  කරනවා. ඇය කාලයක් පිටරටක ජීවත් වෙලා ලංකාවට ඇවිත් තිබුණෙ සැමියා ගෙන් වෙන් වෙලායි. ඇගේ එකම දරුවාත් සැමියාගේ භාරයට පත් කර තිබෙනවා.
මේ කාන්තාව ඉතා රූමත්. ඒ වගේම ඇයට බොහෝ මුදල් තිබෙනවා.  බටහිර පන්නයට හැදුණු ඇය සුරේන් වගේම තවත් පිරිමින්ව ඇසුරු කරන බවයි දැන ගන්න ලැබුණේ. සුරේන් තවත් කාන්තාවක් ඇසුරු කළත් ඇයට ඒ ගැන වගක් තිබුණේ නෑ. ඇය හැම විටම විශ්වාස කළේ ඕනෑම කෙනෙකුට තමන්ගේ අභිමතය පරිදි ජීවත්වීමේ නිදහසක් තිබිය යුතුයි කියලා.
සඳුනි මේ විස්තර හැම එකක්ම දැන ගත්තෙ සුරේන්ගෙ මිතුරෙකුගෙන්. ඔහු සුරේන්ට බොහෝ සෙයින් අවවාද කර තිබුණත් සඳුනි නිසා ලබන සතුටට වඩා සිය දහස් ගුණයක සතුටක් තමා එම කාන්තාවගෙන් ලබන බව ඔහු මිතුරාට පවසා තිබුණා.
මෙවැනි තැනැත්තකු සමග විවාහ ජීවිතයක් ගත කිරීම හිතාමතාම ගිනි ගොඩකට පැනීමක් හා සමාන බව සඳුනි දන්නවා. ඒ නිසා ඇය සුරේන් ගෙන් වෙන් වන්නට තීරණය කළත් ඔහුට දැක්වූ ආදරය සිතින්  මකා දමන්නට බැරිව මහත් සේ සිත් වේදනා විඳිනවා. සදුනිට තිබෙන අනෙක් ගැටලුව තමයි නැදෑයන්ට මුහුණ දෙන්නේ කොහොමද කියන එක. ඇය දෙමාපියන්ට නම් සුරේන් නරක පුද්ගලයකු බව අඟවලයි තියෙන්නේ. මේ අපවාද සිත් වේදනා සියල්ලෙන් මිදීම සඳහා  සඳුනි දැන් විදේශ ගත වීමේ අදහසිනුයි හිදින්නෙ. නමුත්  තමාට වැළඳී තිබෙන ලිංගාශ්‍රිත රෝගය එයටත් බාධාවක් වෙයි කියලා සඳුනි විශාල බයකින් ඉන්නෙ. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos