-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මත්පැන් පානයකොට පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රීවරුන් පිළිබඳව සොයා බැලීම සඳහා විධිමත් ක්‍රියාමාර්ගයක්‌ ගන්නා ලෙස කථානායක චමල් රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටීමට එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරු පිරිසක්‌ කටයුතු කරගෙන යති.

ඔවුන් මේ පිළිබඳව අවධානය යොමුකොට ඇත්තේ පසුගිය බදාදා පැවැති එජාප පාර්ලිමේන්තු කණ්‌ඩායම් රැස්‌වීමේදී පාලිත තෙවරප්පෙරුම මහතා විසින් ඇති කළ කලබැගෑනියෙන් පසුවය.

මෙම යෝජනාව පිළිබඳව මීළඟ එජාප පාර්ලිමේන්තු කණ්‌ඩායම් රැස්‌වීමේදී සාකච්ඡාකොට තීරණයක්‌ ගනු ඇතැයි මේ ගැන කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා "දිවයින" ට කීය.

මන්ත්‍රීවරුන්ට බීලා පාර්ලිමේන්තුවට එන්නට බැහැ. එය පාර්ලිමේන්තු සම්ප්‍රදායටත් පටහැනියි. පසුගිය බදාදා සිද්ධිය ගැන තෙවරප්පෙරුම මන්ත්‍රීතුමා මන්ත්‍රී කණ්‌ඩායම හමුවේ සමාව ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා" යෑයි ද ඒ මහතා පැවැසීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos