-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඓතිහාසික ශ්‍රී පාද වංශ කථාවට නව පරිච්ඡේදයක්‌ එක්‌කරමින් සිරිපා උඩමළුවේ ස්‌ථාපිත කෙරුණු නව දොළොස්‌ මහේ පහන හා ඝණ්‌ඨාරය ත්‍රිවිධරත්නයට පූජා කිරීමේ අවස්‌ථාවට එක්‌වෙමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හෙළිකොප්ටර් යානයක සිට සිරිපා මළුවට සමන්පිච්ච මල් ඉසිමින් බැති පුද පිරිනැමූ අවස්‌ථාව ඊයේ මෙලෙස කැමරා කාචයේ සටහන් විය.

එම සුවිශේෂී අවස්‌ථාවේදී සිරිපා මළුවට රැස්‌ව සිටි සැදැහැවතුන් නැගූ සාධු නාදයෙන් ප්‍රදේශය ගිඟුම් දුන්නේය.

රාජ්‍ය ආරක්‌ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ සබරගමුව මහ ඇමැති මහීපාල හේරත් යන මහත්වරු ප්‍රධාන ආරාධිතයන් වශයෙන් පෙරේදා (6 දා) නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්‌ථානයේ පැවැති ආගමික වතාවත්වලට එක්‌ව සිටියහ. සියම් නිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී රතනපාලාභිධාන මහානායක හා මල්වතු පාර්ශ්වයේ අනුනායක නියන්ගොඩ විජිතසිරි සහ ශ්‍රී පාදස්‌ථානාධිපති ඌව වෙල්ලස්‌ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න යන නාහිමිපාණන් වහන්සේලා ඇතුළු දිවයිනේ සිව් දෙසින් නල්ලතන්නියට වැඩි භික්‌ෂූන් වහන්සේ 500 නමක්‌ පෙරේදා (6දා) සන්ධ්‍යාවේ නල්ලතන්නියේ පැවැති බෞද්ධාගමික වතාවත්වලට එක්‌වූහ. දානපතියකුගේ පරිත්‍යාග මත ඉදිවූ නව ශෛලමය දොළොස්‌මහේ පහන කිලෝ 1260 ක බරින් යුක්‌ත වේ. එම ඝණ්‌ඨාර කුලුන සහ දොළොස්‌ මහේ පහන ඉදිකර පූජාකිරීම ඇතුළු සියලු කාර්යයන් මහනුවර ණ්‌බාහ Cසඑහ Ceබඑeර අධිපති තුසිත විෙ-සේන මහතාගේ පරිත්‍යාගයක්‌ වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos