-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


හිටපු ඉතාලි අගමැති සිල්වියෝ බර්ලුස්කෝනි හොර රහසේම විවාහ වී ඇතැයි වාර්තා වේ. 77 වැනි වියේ පසුවන බර්ලුස්කෝනි ඔහුගේ 28 හැවිරිදි පෙම්වතිය වන ෆ්‍රැන්සිස්කා පැස්කල් සමග පෞද්ගලික දේවස්ථානයකදී මීට සති තුනකට පෙර විවාහ වූ බව හිටපු අගමැතිවරයාගේ මිතුරකු මාධ්‍යයට පවසා සිටියේය.
තුන් වරක්ම ඉතාලියේ අගමැතිවරයා ලෙස කටයුතු කළ බර්ලුස්කෝනිට පැස්කල් හමුවී තිබුණේ ඇය ළාබාල වියේ පසුවෙද්දීය. ඒ වනවිට පැස්කල් බර්ලුස්කෝනිගේ ජ්ධපලච ඩ්චතඪච පක්ෂයේ ක්‍රියාකාරිනියකව සිටියාය. කෙසේ වුවද මේ ප්‍රේමය බොහෝ දෙනාගේ විවේචනයට ලක්ව තිබුණි.

පැස්කල්ගේ මිතුරියක වන මැරිනල් ‍පොලැන්කෝ මාධ්‍යයට පවසා සිටියේ ඇයටද මේ විවාහ මංගල්‍යයට ආරාධනා ලැබුණු බවය. එසේම බර්ලුස්කෝනිගේ මන්දිරයේ පිහිටි පෞද්ගලික දේවස්ථානය තුළදී මෙම විවාහය සිදුවූ බවද ඇය පවසා තිබුණි.
(ඩේලිමේල්)

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos