නිවසින් හොර රහසේ පිටවී මිතුරකුගේ නිවසේ අඹුසැමියන් ලෙස කෑ බාලවයස්කාර යුවළක් දින 7කට පසු පෙම්වතා පෙම්වතියගේ නිවසට ඇය ගෙනැවිත් භාරදීමේ පුවතක් ගාල්ල අක්මීමන, තොටගොඩ ප‍්‍රදේශයෙන් වාර්තා වෙයි.
බහින්බස් වීමක් දුරදිගගොස් කසාදයට තිත තබා මෙලෙස පෙම්වතිය නිවසට ගෙනවිත් භාර දී ඇත. මොවුන් හොර රහසේ නිවෙස්වලින් පිටව ඇත්තේ, පසුගිය මස 27 වැනිදා වුවද ඔවුන් යළි පැමිණි පසු නිවැසියන් පොලිසියට පැමිණිලිකර ඇත්තේ අද දිනයේ යි.
මොවුන් දෙදෙනා නීත්‍යානුකූලව විවාහ ගිවිසගෙන මොමැති අතර, සිද්ධිය සම්බන්දයෙන් තරුණිගේ පාර්ශවයේ ඥාතිහු අක්මිමන පොලිසියට පැමිණිලි කර ඇති බව පොලිසිය පවසයි.
(සුනෙත් ගාල්ලගේ-ගාල්ල)
මොවුන් දෙදෙනා නීත්‍යානුකූලව විවාහ ගිවිසගෙන මොමැති අතර, සිද්ධිය සම්බන්දයෙන් තරුණිගේ පාර්ශවයේ ඥාතිහු අක්මිමන පොලිසියට පැමිණිලි කර ඇති බව පොලිසිය පවසයි.
(සුනෙත් ගාල්ලගේ-ගාල්ල)