-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කොළඹ - කටුනායක අධිවේගි මාර්ගය භාවිත කරමින් කොළඹ නගරයෙන් පිටවිමට සහ කොළඹ නගරයට ඇතුල්විමට වාහන රියදුරන් සඳහා නොමිලේ අවස්ථාව ලබාදී තිබේ. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේ කැලණි පාලම අසළ සිදුවන වාහන තදබදය අවම කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි. 

ඒ අනුව කොළඹ නගරයෙන් මීගමුව පාරට ගමන් කරන වාහන නව කැලණි පාලමෙන් අධිවේගි මර්ගයට ඇතුලු වි කිලෝමිටර් දෙකක දුරක් ගමන් කර වමට හැරී මත්ස්‍ය වෙළඳ සංකිර්ණය අසළින් මිගමුව මාර්ගයට පිවිසිය හැකියි. 

කොළඹ නගරයෙන් නුවර පාරට ගමන් කරන වාහන නව කැලණි පාලමෙන් අධිවේගි මර්ගයට ඇතුලු වි කිලෝමිටර් දෙකක දුරක් ගමන් කර වමට හැරී මත්ස්‍ය වෙළඳ සංකිර්ණය ඉදිරිපිටින් දකුණට හැරී අධිවේගී මාර්ගයේ ගුවන් පාලම මතින් ගොස් තොරණ හන්දියෙන් නුවර පාරට පිවිසිය හැකි බව පොලිසිය පවසයි. 

ඊට අමතරව නුවර පාරෙන් කොළඹ දෙසට පැමිණෙන වාහන වෙදමුල්ලෙන් අධිවේගී මාර්ගයට පිවිසීමෙන් ද මීගමුව මාර්ගයෙන් පැමිණෙන වාහන මත්ස්‍ය වෙලඳසැල මාර්ගයෙන් වමට හරවා අධිවේගී මාර්ගය ඔස්සේ පිවිසීමෙන්ද කැලණි පාලම හරහා කොළඹ දෙසට ගමන් කිරීමට හැකි වෙයි. 

කෙසේවෙතත් ට්‍රැක්ටර්, ත්‍රී රෝද රථ, යතුරුපැදි, පාපැදි, කරත්ත කිසිදු අවස්ථාවක අධිවේගිමාර්ගයට ඇතුලු කිරිමට අවස්ථාව ලබා නොදෙන බව පොලිසිය දැනුම් දෙයි. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos