-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කොළඹ – කටුනායක නව අධිවේගී මාර්ගයේ පෞද්ගලික මගී ප්‍රවාහන සේවා බස් රථ යෙදවීමට පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී. බී රත්නායක මහතාගේ උපදෙස් මත  ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් කටයුතු කරනු ලැබේ.

ඒ, අනුව කොළඹ – කටුනායක මාර්ගයේ මගී ප්‍රවාහන බස් රථ සේවා කඩිනමින් යෙදවීම සඳහා  මේ වන විට  ටෙන්ඩර් කැඳවීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී. මෙම මාර්ගයේ ටෙන්ඩර් මගින් බලපත්‍ර ලබාදීම සිදු කෙරෙනුයේ සුඛෝපභෝගී හා අධි සුඛෝපභෝගී බස් රථ සේවා සඳහා පමණි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින්, ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව සිදු කළ ගණනය කිරීම්වලට අනුව කටුනායක – කොළඹ මාර්ගයේ ගමන් ගන්නා එක් මගියෙකු සඳහා වන සුඛෝපභෝගී බස් රථ සේවා ගමනාන්ත ප්‍රවේශ පත්‍රයක  ගාස්තුව රු. 125/= කි. අධි සුඛෝපභෝගී බස් රථ සේවාවේ එක් මගියෙකු සඳහා වන ගමනාන්ත ප්‍රවේශ පත්‍රයක ගාස්තුව  රු. 180/= කි.
කොළඹ – කටුනායක නව අධිවේගී මාර්ගයේ සුඛෝපභෝගී බස් රථ සේවා 09 ක් සහ අධි සුඛෝපභෝගී බස් රථ  සේවා 09 ක් යෙදවීම සඳහා ටෙන්ඩර් කැඳවීම මෙම සතිය තුළදී සිදු කිරීමට නියමිතය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos