-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සනත් ජයසූරිය ඔහු නැවත කතාවට ලක්‌වන චරිතයකි. මෑත කාලයේ ඔහුගේ දේශපාලනික රූපාන්තරණය අතැර කතා කළහොත් ඔහු රටේ ප්‍රකට පුද්ගලයෙකි. ඔහු ප්‍රධාන විෂය පථය වූ ක්‍රිකට්‌ හේතුවෙන් ලෝක පූජිත වූවෙකි. මෙසේ ප්‍රකට වන බොහෝ දෙනෙක්‌ අතිශය සංවේදී, ගුණගරුක විශ්වසනීය පුද්ගලයෙක්‌ ලෙස සමාජගත වීම ස්‌වභාවයයි. සනත්ට ද එය පොදු කාරණයකි. සනත් මෙරට ක්‍රීඩා ලෝලීන් බොහෝ පිරිසකගේ "ආදරණීය" චරිතයක්‌ බවට පත්වූයේ එහෙයිනි. සනත් ආන්දොaලනාත්මක ප්‍රවෘත්ති, කටකතා සම්පාදනය කරමින් පළමු විවාහය අතහැර දමන විටත් "මාස්‌ටර් බ්ලාස්‌ටර්ගේ" "හයේ පහරට" වශීකෘත වූ ක්‍රීඩා ලෝලීහු ඔහු අතහැර දැමුවේ නැත. සනත් වැනි උත්තම ගණයේ ක්‍රීඩකයකු (පුරුෂයකු) අතින් කිසිවිටකත් "වරදක්‌" සිදු නොවිය හැකි බැවින් දික්‌කසාද වීමේ වරද පැටවුණේ ඔහුගේ පළමු බිරියටය. ක්‍රීඩා ලෝලී සියලු පිරිස විශ්වාස කළේ එබන්දකි.

සනත් දෙවැනි විවාහයට ඇතුළත් විය. 2000 වර්ෂයේ සෙම්බකුට්‌ටි ආරච්චිගේ සැන්ඩ්‍රා ටානියා රොස්‌මරී ද සිල්වා සමග විවාපත් වූ සනත් වර්තමානය වන විට දරුවන් තිදෙනකුගේ පියෙකි.

සනත්ගේ වත්මන් බිරිඳ "සැන්ඩ්‍රා" පසුගිය 25 වැනිදා කොළඹ දිසා අධිකරණය හමුවේ නීතිඥවරියක මාර්ගයෙන් සනත්ගෙන් නීත්‍යානුකූලව වෙන්වීම සඳහා නඩුවක්‌ ගොනු කරන්නේ ආන්දොaලනාත්මක පසුබිමක්‌ මතුකරමිනි.

සැන්ඩ්‍රා සිය නඩුව ගොනුකරමින් කියා සිටින්නී, තමා ළඟ සිටින දරුවන් තිදෙනාගේ නඩත්තුව සඳහා රුපියල් කෝටි 20 බැගින් ද, තමාගේ නඩත්තුව වෙනුවෙන් වෙනම රුපියල් කෝටි 20 ක්‌ ද එකවර ලබාදෙන ලෙසය.

සනත් ජයසූරිය යනු වර්තමානය වන විට විශාල ධනස්‌කන්ධයකට හිමිකම් කියන අයකු බවත්, ඔහු සතුව ඇති මුදල් චංචල හා නිශ්චල දේපළවල වටිනාකම රුපියල් බිලියන ගණනක්‌ බවත් ඇය නඩුව ගොනු කරමින් කියන්නීය. එමෙන් 2000 වර්ෂයේ විවාපත් වීමෙන් පසුව 2005 වර්ෂය වනතෙක්‌ පමණක්‌ ඇය සමඟ හොඳින් ජීවත් වූ නමුදු ඉන් පසුව යම් යම් ගැටුම්කාරී තත්ත්වයක්‌ මතුවූ බවත්, ඔහු තමාගෙන් වෙන්වීම සඳහා උසාවියක නඩුවක්‌ පැවරූ නමුත් ඒ මොහොතේ ඊට විරුද්ධ වූ බවද ඇය කියන්නීය. එම තත්ත්වය දුරදිග නොගොස්‌ සමථයකට පත්වූයේ දරුවන් තිදෙනාගේ භාරකාරත්වය තමන්ට ලැබීමෙන් පසුව බව ඇයගේ නඩු ගොනුකිරීමෙන් දැක්‌වේ. මේ සිදුවීම් මාලාව අවසන් වීමෙන් පසුව ඔහු ගැන තමාගේ එතරම් පැහැදීමක්‌ නොමැති වුවද දරුවන්ගේ යහපත හා සුබසිද්ධිය උදෙසා තමන් විශාල කැපකිරීමක්‌ කරමින් දිගටම ඔහු සමග වාසය කළ බවද ඇයගේ නඩු ගොනු කිරීමෙහි දක්‌වා ඇත. එහෙත් යළිත් පෑහීමක්‌ ඇති නොවන අයුරින් දෙදෙනාගේ සම්බන්ධය බිඳවැටුණේ 2013 අප්‍රේල් මාසයේදී බවද එහි දැක්‌වේ.

සනත් ජයසූරියගෙන් ඉහත සඳහන් කළ මුදල් වන්දිවලට අමතරව වාහන දෙකක්‌ සහ නිවාස දෙකක්‌ ඇය කියන ආකාරයෙන් අලුත්වැඩියා කර දෙන ලෙසද ඇය පවසා සිටින්නීය.

ඔහුගේ චංචල හා නිශ්චල දේපොළවලට අමතරව වාණිජ ආයතන රැසක කොටස්‌ විශාල ප්‍රමාණයක්‌ ඔහු මිලදීගෙන ඇති බවද ඇය සඳහන් කරන්නීය. කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ බීම හලක්‌ද ඔහු මිලදී ගත් බවද එහි සඳහන්ය.

මේ වන විටත් ඔහුගේ දේපළ වලින් සැලකිය යුතු ප්‍රමාණයක්‌ සනත් සිය දරුවන් තිදෙනාගේ නමට ලියා පවරාදී ඇති බවටද පැමිණිල්ලේ සඳහන් වීම විශේෂත්වයකි. එමෙන්ම සනත් සමග විවාහ වීමෙන් පසුව තමන් කිසිදු රැකියාවක නිරත නොවූ බවත්, ඒ කාලය තුළත් වර්තමානය දක්‌වාත් තමන්ගේත්, දරුවන්ගේත් සියලු ඕනෑඑපාකම් සොයා බැලුවේ ඔහු බවද සඳහන්ය.

සැන්ඩ්‍රා සිය සැමියා වන සනත්ගෙන් වෙන්වීම සඳහාත් වන්දි ලබාගැනීම සඳහාත් නියෝගයක්‌ ලබාදෙන ලෙසද ඉල්ලා සිටින්නීය. සනත් බොහෝවිට අන් අයගේ උසිගැන්වීම්, පෙළඹවීම් හා නොමඟ යෑවීම් මත ඔහුගේ දේපළ පැවරීම් ගැන ගන්නා ලබන තීරණ ගැන සැකයක්‌ ඇති බැවින් දරුවන් වෙනුවෙන් ඒවා සුරක්‍ෂිත කර ගැනීම සඳහා මෙම නඩුව උසාවියට යොමු කළ බවද ඇය පැමිණිල්ලේ සඳහන් කර ඇත. එමෙන්ම සනත්ගේ හැසිරීම අපහාසාත්මක, විහිළු සහගත හා ද්වේෂ සහගත වංචනික බවද, ඔහු දැන් ස්‌ත්‍රී ඇසුරට වඩාත් කැමති අසම්මත හැසිරීම්වලින් යුක්‌ත අයකු බවද ඇය පැමිණිල්ලේ සඳහන් කර සිටින්නීය. මෑතක සිට වෙනත් අයගේ බලපෑම් මත සනත් ජයසූරිය තමා මඟහරිමින් සිටිනා බවත් ඒ නිසාම තමාගේ ඉල්ලීම් නියෝග වශයෙන් ලබාදෙන ලෙසත් ඇය ඉල්ලා සිටින්නීය.

මේ සියල්ල සනත් ජයසූරියගේ බිරිඳ සැන්ඩ්‍රා රෝස්‌මරී ද සිල්වා ඉදිරිපත් කළ ගොනුවේ සඳහන් කරුණුය.

ලොව ප්‍රකට මිනිසකුගේ ජීවිතය අපට කියාදෙන පාඩම කෙබඳුද? එපමණක්‌ පමණක්‌ සටහන් කරමු.

උදේශ සංජීව ගමගේ 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos