ඉදිරිපස වීදුරුවේ VIP, VVIP ලෙස සඳහන් කර ඇති පුවරු සවිකර මාර්ගයේ ධාවනය කරන වාහන වලින් එම පුවරු වහාම ඉවත් කරන ලෙස පොලිස් රථ වාහන අංශය රියදුරන්ට දැනුම් දෙයි.
පොලිස් රථවාහන අංශය බාර නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා විසින් පොලිස් ස්ථාන වෙත නිකුත් කර ඇති නියෝගයක දැක්වෙන්නේ එසේ ඇති ලේබල හෝ ස්ටිකර් වහා ඉවත් කරීමට පියවර ගන්නා ලෙසයි.
VIP හෝ VVIP බලපත‍්‍ර නිකුත් කරනු ලබන්නේ යම්කිසි උත්සව අවස්ථාවක රියදුරු විසින් පෙන්වා ඇතුළුවීමට ය.