-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සොරාගත් මිනිස් මොළ 60ක් අලෙවි කිරීමට යාමේදි පොලිස් දැලට හසුවූ පුවතක් ඇමරිකාවෙන් වාර්තා වේ.  ඬේවිඞ් චාල්ස් නම් 21 වියහැති මෙම පුද්ගලයා ඔක්තෝබර් මසදී ඉන්ඩියානාහි වෛද්‍ය ඉතිහාස කෞතුකාගාරයෙන් මිනිස් මොළ තිබූ බෝතල් 60ක් පමණ සොරාගෙන තිබේ.  ඔහු රැගෙන ගොස් ඇත්තේ 1890 කාලයේදී මියගිය මානසික රෝගීන්ගේ සිරුරු කොටස්ය.

ඉන්පසු ඔහු අතරමැදියෙකු යොදා ගනිමින් මේවා විකිණීමට සැලසුම් කර ඇති අතර කෞතුකාගාරයේ විධායක අධ්‍යක්ෂක මේරි ඇලන් හෙනසි නොටේජ් ඇමතූ කැලිෆෝනියාවේ පුද්ගලයෙකු පවසා ඇත්තේ ඊ-බේ අඩවියෙන් ඩොලර් 600කට මිනිස් මොළ බෝතල් 6ක් මිලදී ගත් බවයි.

කෞතුකාගාරයෙන් මිනිස් මොළ කොටස් සොරාගත් පුවත දැකීමෙන් පසු ඔහු මේවා සොර බඩු යයි සැක සිතුණු බව පවසා තිබේ.  ඉන්පසු පොලිසිය මැදිහත්වි දෙසැම්බර් 16 දින ඬේවිඞ් චාල්ස් අත්අඩංගුවට ගෙන ඇති අතර මේරියන් ප‍්‍රාදේශීය නීතිපති කාර්යාලය විසින් ඔහුට නඩු පවරා ඇත.

මේ අතර ඊ-බේ අඩවිය තුළ අලෙවි වන විවිධ පරාසයන්හි භාණ්ඩ අතරින් මිනිස් ශරීර කොටස් අලෙවි කිරීම තහනම් කර ඇතැයි වාර්තා වේ.  නමුත් බලධාරීන් පවසන්නේ මේ ආකාරයේ සාහසික කටයුතු සිදුකළ හැකි තරමේ පාරිභෝගික ඉල්ලීමක්ද මෙවැනි භාණ්ඩ වලගට ඇති බව මින් පැහැදිලි වන බවයි.

මිනිස් සිරුරු කොටස් විනෝදාංශයක් ලෙස එකතු කිරීම අසාමාන්‍ය තත්වයක් බව සිදුවීම පිලිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් නොටේජ් පවසා ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week