-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ජනතාව තම ආදරය සහ කෝපය වැඩියෙන්ම දක්වන්නේ දේශපාලකයන්ටයි කලාකරුවන්ටයි. කලාකරුවන් ට ජනතාව ආදරේ කරන්නේ කොන්දේසි විරහිතව වගේ. ඒත් නිළියක් වුනහම ජනතාවගේ ආදරය ඒ විදිහටම තියාගන්න ටිකක් අමාරුයි.මොකද ජනතාව අපේක්‍ෂා කරන්නේ තමන්ගේ පරමාර්ථ වෙනුවෙන් පෙනී සිටින අය. එහෙම නොවන කොට ජනතාව කෝපයට පත්වෙනවා.
ලංකාවේ පේ‍්‍රක්‍ෂකයො අන්තවාදී නැහැ. ඔවුන් ඉතාමත් බුද්ධිමත්. නළු නිළියන්ට විරෝධය පාන්නට යන්නෙත් නැහැ. ලංකාවේ පේ‍්‍රක්‍ෂකයන්ට ආදරය කරන්න කියලා එහෙම සිනමා නළු නිළියන් නැති නිසා වෙන්නට ඇති. ඒ කාලෙනම් කී දෙනෙක් හිටියද? අද ඉතින් කව්ද ඉන්නෙ. ලංකාවෙ එහෙමවුනාට ඉන්දියාවේ එහෙම නැහැ. මේ ළගදි දීපිකා පදුකෝන්ට විශාල අකරතැබ්බයකට මුහුන දෙන්න වුනා.

දීපිකා පදුකෝන් තමන්ගේ ජීවිතයේ මෙවැන්නක් සිදුවිය හැකිද යන්න විශ්වාස කරන්න බැරි තරමේ අප්‍රසන්න කාරණයකටයි ඇයට සිදුවන්නට ගියේ.

ඉන්දියාවේ විවිධ ආගමික උත්සව පවත්වනවා.' ගාර්බා' නමින් හැඳින්වෙන මේ ආගමික උත්සවය පැවැත්වුණේ අහමදාබාද් ප්‍රදේශයේ දී. දීපිකාත් එයට සහභාගි වුණේ ඉතා කැමැත්තෙන්. බොලිවුඩ් අඹරේ දිදුලන තරුවක් බවට පත්වී සිටින දීපිකා සිතුවේ 'ගාර්බා' උත්සවයට පැමිණ සිටින දහස් සංඛ්‍යාත පිරිස්,විශේෂයෙන් ම තමන්ව ප්‍රිය කරන රසික රසිකාවියන් වෙතින් තමන් හට උණුසුම් ප්‍රතිචාරයක් ලැබේවිය කියලයි.

ඒත් උත්සවය පැවැත්වෙන ස්ථානයට ළඟා වෙද්දී ඇයට දැනගන්න ලැබුණේ එක්තරා අන්තවාදී පිරිසක් ඈ වෙතට කුණු බිත්තර සහ තක්කාලි ප්‍රහාරයක් එල්ල කරන්නට කල් යල් බලමින් සිටින බවයි. මේ ආරංචිය දැනගත් මොහොතේ උත්සවයට සහභාගි නොවී ආපසු නිවෙස බලා යන්නට දීපිකා උත්සාහ ගත්තා. ඒ වුණත් උත්සවයේ සංවිධායකවරුන් ඇයට දැන්වූයේ එවැන්නක් සිදුවීමට කොහෙත්ම ඉඩ නොතබන බවයි.

දීපිකාට මේ ප්‍රහාරය එල්ල කරන්නට සැලසුම් කර තිබුණේ ඇය 'රාම්ලීලා' චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපෑ නිසයි. මේ වසරේ නොවැම්බර් 15 දා තිරගත කිරීමට නියමිතව තිබෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ සන්ජේ ලීලා භන්සාලි.

'රාම්ලීලා' හි ඇතුළත් වූ ඇතැම් දර්ශනවලින් රබාරි රාජ්පුට් සහ ඩබාර් රාජ්පුට් යන ජන සමුහයන් අතර භේද ඇති කර තිබෙන බවයි මෙම ජන කොට්ඨාසවලින් චෝදනා කර ඇත්තේ. මීට කලින් දිනයක දී මෙම ජන කොටස්වල විශාල පිරිසක් උද්ඝෝෂණයක් කරමින් බලකර සිටියේ 'රාම්ලීලා' චිත්‍රපටය තමන් වෙසෙන ගුජරාටි ප්‍රාන්තයේ කිසිදු සිනමාහලක තිරගත නොකරන ලෙසයි.

එය තිරගත කළහොත් රාජ්පුට් ජන කොට්ඨාස දෙක අතර ගැටුම් ඇති විය හැකි ‍බවයි ඔවුන් පැවසුවේ. උද්ඝෝෂණය සිදුවී කිහිප දිනකට පසුව'ගාර්බා' උත්සවය අහමදාබාද් ප්‍රදේශයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් වුණා. මේ සඳහා දීපිකා පදුකෝන් ද සහභාගි වන බව දැනගත් රාජ්පුට් ජන කොට්ඨාසයට අයත් පිරිසක් බලකර ඉල්ලා සිටියේ 'රාම්ලීලා' චිත්‍රපටයේ ඇතුළත් කර ඇති ජන වාර්ගික ගැටුම්වලට තුඩුදිය හැකි දර්ශන ඉවත් කරන ලෙසයි.

කොහොම වෙතත් දීපිකා ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කෙරෙන බවට ආරංචි පැතිරීමත් සමඟම යුහුසුළු වූ 'ගාර්බා' උත්සව සංවිධායකයන්, උද්ඝෝෂකයන් සමඟ කතාබහකට මුල පිරුවා.එහිදී සංවිධායකයන් පැවසුවේ 'රාම්ලීලා' චිත්‍රපටයේ ඇතැයි පැවසෙන ප්‍රශ්නකාරී දර්ශන ඉවත් කරන්නට එහි අධ්‍යක්ෂ සන්ජේ ලීලා භන්සාලි එකඟවී ඇති බවයි. මේ අයුරින් කරුණු දැක්විමෙන් පසුව දීපිකාට එරෙහිව කිසිවක් නොකරන්නට රාජ්පුට් ජන කොටසෙහි පිරිස් තීරණය කළා.

ඉන්පසුව 'ගාර්බා' උත්සවයට සහභාගි වූ දීපිකා එහි රැඳී සිටි තම රසික රසිකාවියන් සමඟ බොහෝ වේලාවක් ගත කළා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos