මාතර මහාධිකරණයේ විභාග වන යටියන ඝාතන නඩුවේ බොරු සාක්ෂි දුන් බවට වරද පිළිගත් එම නඩුවේ පළවැනි සාක්ෂිකරු මාතර මහාධිකරණ විනිසුරු ප්රියන්ත ද සිල්වා මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු බරපතල වැඩ ඇතිව මාස දොළහක සිරදඬුවමක් නියම කළේය. සිර දඬුවම් නියම වූයේ යටියන ප්රදේශයේ පදිංචි ගුස්තියා වඩුගේ අනිල් චමින්ද නැමැත්තාට ය. දඬුවමට අමතරව රුපියල් දහසක දඩයක්ද දඩ නොගෙවන්නේ නම් මාස දෙකක බරපතල වැඩ ඇතිව සිර දඬුවමක් නියම කළේය. මාතර මහාධිකරණ නඩු විභාගයේ දී සාක්ෂි කූඩුවට නැග ඇත්ත කියන බවට දිව්රුම් දී විත්තිකරු ‘වෙඩි තියනවා දැක්කා’ යන්න පවසා එම ප්රශ්නයට නැවත පිළිතුරු දෙමින් ‘වෙඩි තියනවා දැක්කේ නැහැ’ යනුවෙන් බොරු සාක්ෂි දීම සිදු කළ බැවින් මහාධිකරණයට අපහාස සිදු කිරීම යටතේ ගුස්තිය වඩුගේ අනිල් චමින්ද නැමැත්තාට විරුද්ධව අධිචෝදනා ගොනුකර තිබුණි.
Lanka Gossip Girl News Powered by Gossip Lanka Media