යාබද නිවසක වයස අවුරුදු පහක පමණ දැරියක් අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකළ පොලිස් පරීක්ෂණ දුටු 13 හැවිරිදි දැරියක් තමන් ද පුද්ගලයකු අතින් දූෂණය වූ බවට කරන ලද පැමිණිල්ලක් අනුව නවගමුව පොලිසිය සෙනසුරාදා (26) උදේ එම සැකකරුවා අත්අඩංගුවට ගෙන තිබේ.සිද්ධිය වී ඇත්තේ නවගමුව දකුණ ප්රදේශයේය. දූෂණයට ලක් වූ දැරියගේ නිවසට යාබද නිවසක ඇගේ මවගේ සොහොයුරා, එනම් මාමා පදිංචි වී සිට ඇත. ඔහුගේ නිවසේ කොටසක විවාහක යුවළක් කුළියට පදිංචි වී සිට ඇත. එම යුවළ එහි පැමිණ ඇත්තේ කිතුල්ගල ප්‍රදේශයේ සිට වන අතර පුරුෂයා වයස අවුරුදු 38ක අයෙකි.
මීට මාස හතකට පමණ පෙර එම පුරුෂයාගේ බිරිඳ දරු ප්‍රසූතියක් සඳහා රෝහල්ගත වූ අතරවාරයේ යාබද නිවසේ සිටි දැරිය සැකකරු විසින් තමන් පදිංචි වී සිටි නිවසට ගෙන්වා ගෙන ඇය දූෂණය කර තිබේ. ඉන්පසු ගත වූ මාස හත මුළුල්ලේ වරින්වර මෙම පුද්ගලයා දැරිය කෙළසා ඇත. එහෙත් දැරිය මේ බවක් සිය දෙමව්පියන්ට හෝ සැකකරුවා නතර වී සිටි නිවස අයත් තමන්ගේ මාමාට හෝ සැකකරුවාගේ බිරිඳට දන්වා නැතැයි නවගමුව පොලිසිය කියයි.
මීට දින කිහිපයකට පෙර දැරිය පදිංචි නිවස ආසන්නයේ නිවසක පදිංචි 05 හැවිරිදි දැරියක් අපයෝජනය කළ සිද්ධියක් සම්බන්ධයෙන් නවගමුව පොලිසිය විසින් පරීක්ෂණ අරඹා ඇත. අපයෝජනයට ලක් වූ දැරයි වෛද්‍ය පරීක්ෂණවලටද යොමු කරවා තිබේ. පොලිසිය පැමිණ පරීක්ෂණ සිදුකරන ආකාරය දුටු 13 හැවිරිදි දැරිය බියට පත් වී තමන්ට සිදු වූ අතවර ගැන සිය මවට පළමුව දන්වා ඇත. අනතුරුව මව සිය දියණිය කැටුව නවගමුව පොලිසියට පැමිණ කළ පැමිණිල්ලක් අනුව දැරිය උසාවි නියමයෙන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරවා තිබේ. එහිදී දැරිය දූෂණය ලක් වී තිබෙන බව තහවුරු වී ඇත. ඒ අනුව සැකකරුවා සෙනසුරාදා (26) උදේ නවගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අයිරංගි එදිරිසිංහ (කඩුවෙල)