-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මහනුවර මැණික්හින්නේ පිහිටි කුණ්ඩසාලේ විවිධ සේවා සමුපකාරයට අයත් ඉන්ධන ගබඩාවෙන් අඟහරුවාදා (10) දින නිකුත් කළ පෙට‍්‍රල් වල ජලය මිශ‍්‍රව තිබීම නිසා එම ඉන්ධන භාවිතා කළ රියදුරන් මහත් අපහසුතාවයට පත්ව ඇත. මේ හේතුව නිසා එම ඉන්ධන භාවිතා කළ වාහන 20 ක් පමණ අතරමග නතර විම නිසා එම රියදුරන් ඇතුලු පිරිස එම ඉන්ධන හලට දැඩි විරෝධය දැක්වීය.මෙම ඉන්ධන වලට ජලය මුසුවී ඇති බවට එම සමූපකාර සමිති නිලධාරීන්ද පිළිගෙන තිබේ.මෙම ඉන්ධන ලබාගත් පාරිභෝගිකයින්ට නැවත ඉන්ධන සහනයක් ලබාදිමටද සිදුවූ කාර්මික දෝෂ සඳහා වන්දියක් ලබා දීමටද පාලන අධිකාරිය එකඟතාවය පල කර තිබේ.
මෙම සිද්ධීයත් සමග ඉන්ධන පිරවුම් හලේ ඉන්ධන නිකුත් කිරීම තාවකාලිකව නවතා දමා ඇත. මෙම ගැටලුව පැනනැගී ඇත්තේ අඟහරුවාදා(10) වන දින අලුයම 1.30 ට පමණ ගෙන එනු ලැබූ තෙල් බවුසරයකද යන්න පිළිබඳව සොයා බැලීමක් සිදුකරයි. මෙම ඉන්ධන වලට ජලය මුසුව් ඇතිබව සමුපකාර සමිති නිලධාරින්ද පිළිගෙන ඇත. මෙම ඉන්ධන වලට ජලය මුසු වූයේ කෙසේ දැයි තවමත් අණාවරණය වී නොමැත. මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරනන බව එම සමූපකාර සමිතියේ නිලධාරීහු කියති. මෙම සිදුවීම ගැන ඛණිජතෙල් නීතිගනත සංස්ථා නිලධාරින්ද පරීක්ෂණ පවත්වයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week