-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

දේශපාලනඥයන් සහ ප‍්‍රභූවරුන් ඇසුරු කරමින් ව්‍යාපාරිකයෙක් ලෙස පෙනී සිට රුපියල් කෝටියකට අධික මූල්‍ය වංචාවල නිරතව සිටි පුද්ගලයෙකුව පිළියන්දල නීලම්මහර ප‍්‍රදේශයේදි අත්අඩංගුවට ගැනීමට කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් අඟහරුවාදා(10)සමත්ව ඇත.පොලිසියට කට්ටි පනිමින් තැන තැන සැගවුණු ජීවිතයක් ගතකළ මෙම පුද්ගලයා නීලම්මහර ප‍්‍රදේශයේ නිවසක සැඟව සිටින බවට ලද තොරතුරකට අනුව වංචා විමර්ශන කාර්යාංශයේ ඒකක 06ස්ථානාධිපතිනි පොලිස් පරීක්‍ෂිකා ධම්මිකා ගමගේ නිළධාරීන් කණ්ඩායමක් සමග එහි ගොස් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් කණ්ඩායම එහි යන විට සැකකාර වංචාකරු සිය ගෝල බාලයන් සමග මත්පැන් පානය කරමින් සිට ඇති අතර එම කණ්ඩායම මැදට කඩා වැදී ඇත්තේ පොලිස් පරීක්‍ෂිකා ධම්මිකාය.
ව්‍යාපාරිකයෙක් ලෙස පෙනී සිටිමින් විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ලබා ගැනීම්වල නිරතව සිටි මේ පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමත් සමග ජනාධිපති නීතීඥයන් ඇතුලු විවිධ පුද්ගලයන් ඔහුව නිදහස් කරගන්නට වංචා විමර්ශන කාර්යාංශයට බලපෑම් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.
මීරිගම , මිරිහාන සහ ගල්කිස්ස යන ප‍්‍රදේශවල සැරිසරමින් වංචාවල නිරතව සිටි මේ පුද්ගලයා අධිකරණයට ඉදිරිපත්කරන්නට පොලිසිය අවශ්‍ය කටයුතු සකස්කර තිබිණි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week