-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

හාල් ගෝනිවල වැලිද, ගම්මිරිස්වලට ගස්ලබු ඇටද මිශ්‍ර කරන්නා මෙන් හෙරොයින් කුඩුවලටද විවිධ රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කෙරෙන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධාන රස පරීක්ෂක ඩබ්.ඩී.ජී.එස්. ගුණතිලක මහතා පවසයි.හෙරොයින් කිලෝ ග්‍රෑම් 262 ක ප්‍රමාණයක් සම්බන්ධයෙන් රටේ විවිධ පාර්ශව වෙතින් මතු කරන මතබේදාත්මක කාරණාවලට පිළිතුරු දෙමින් රජයේ ප්‍රධාන රස පරීක්ෂකවරයා එසේ කීවේය.  රේගුව භාරයේ තිබූ කිසියම් කන්ටේනරයකට ගෙවිය යුතු ගුදම් ගාස්තු, ප්‍රමාද ගාස්තු සහ වැට් බදු මුදල් අඩු කර එය මුදා හරින ලෙසට අගමැති දී.මූ.ජයරත්න මහතාගේ ලේකම්වරයකු වන කීර්ති ශ්‍රී වීරසිංහ නැමැති අයකු විසින් අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලිපි ශීර්ෂයක් උපයෝගි කර ගනිමින් ලිපියක් රේගු දෙපාර්තමේන්තුවට යොමු කර තිබිණ.
මෙම කන්ටේනරයේ ග්‍රීස් ටින්වල අසුරා තිබූ හෙරොයින් කිලෝ ග්‍රෑම් 261.292 ක ප්‍රමාණයක් පසුව රේගුව විසින් සොයා ගන්න ලදී. එම මත්ද්‍රව්‍ය තොගයට පැකට් එක්දහස් ගණනක් අඩංගු වූ අතර සියල්ල මුද්‍රා තබා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට රේගුව විසින් භාර දී තිබිණ.
එම මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් රසායනික විශ්ලේෂණය සඳහා භාර දුන් අතර එම දෙපාර්තමේන්තුව 08.11.2013 වැනිදා වාර්තාවක් නිකුත් කරමින් පවසා සිටියේ හෙරොයින් තොගයේ ශුද්ධ බර කිලෝ ග්‍රෑම් 131.1488 ක් බවයි.
රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ විශ්ලේෂණාගාරයේ දී ඉහත බර ප්‍රමාණයෙන් හෙරොයින් කිලෝ 100ට ආසන්න ප්‍රමාණයක් අඩු වීම සමාජයේ විවිධ පාර්ශවයන් හී මතබේදාත්මක කාරණාවක් විය.
රජයේ රස පරීක්‍ෂක ඩබ්.ඩී.ජී.එස්.ගුණතිලක මහතාට ඒ සම්බන්ධයෙන් අප යොමු කළ ප්‍රශ්න හා පිළිතුරු පහත පළවේ.
ප්‍රශ්නය -: හෙරොයින් කුඩු සමග ඔබ වෙත රේගුවෙන් ආවරණ ලිපියක් ලැබුණාද?
පිළිතුර -: ඔව්, එහි සඳහන් වුණා හෙරොයින් කිලෝ ග්‍රෑම් 261.292 ක් අඩංගු බව.
ප්‍රශ්නය -: මොන ආකාරයෙන්ද හෙරොයින් තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංහයෙන් ඔබ වෙත ලැබුණේ.
පිළිතුර -: කාඩ්බෝඩ් පෙට්ටි, කඩදාසි සමග පොලිතින් පැකට් දහසකට වැඩි ප්‍රමාණයක අසුරා තිබූ හෙරොයින් පැකට් අප වෙත ලබාදී තිබුණා.
ප්‍රශ්නය -: ඔබ පරීක්ෂණය ආරම්භ කළ විදිහ පැහැදිළි කළ හැකිද?
පිළිතුර -: ඔව්, මුලින්ම හෙරොයින් බහා තිබූ කාඩ්බෝඩ් පෙට්ටි, කඩදාසි සහ හෙරොයින් අසුරා තිබූ පොලිතන් පැකට් ඉවත් කළා. ඒවායේ බර කිලෝ ග්‍රෑම් 16.168 ක්. අනතුරුව අප ඉදිරියේ තිබුණේ රේගුව සොයා ගත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 244.218 ක්. හෙරොයින් ග්‍රෑම් 900 ක පමණ අඩුවක් එතැන තිබෙනවා.
ප්‍රශ්නය -: හෙරොයින් කිලෝ ග්‍රෑම් 244.218 ක ප්‍රමාණය කිලෝ 131 ක් දක්වා අඩු වුණේ කොහොමද?
පිළිතුර -: අපට අවශ්‍ය වන්නේ ශ්‍රද්ධ හෙරොයින් ප්‍රමාණය පමණයි. ඔසුසල්වල තිබෙන ඕනෑම ඖෂධයක රසායනික ද්‍රව්‍ය කලවම්. අදාළ බෙහෙත සකස් වන්නේ එම රසායනික සමඟයි. හාල් ගෝනියකට වැලි මිශ්‍ර කළොත් ඊට වැලි ගෝනියක් කියා කියන්න බැහැ. ඒක හාල් ගෝනියක්. නමුත් වැලි මිශ්‍රයි. ඒ වගේම ‍තමයි හෙරොයින් මත් ද්‍රව්‍යය. හෙරොයින් මත්ද්‍රව්‍ය එය නිපදවන්න යොදා ගන්නා අනෙක් රසායනයෙන් ඉවත් කර ගන්නට අවශ්‍ය ලෝකයේ නවිනතම තාක්ෂණය අපට තිබෙනවා.
ප්‍රශ්නය -: ඒ මොකක්ද?
පිළිතුර -: ජී.සී.එම්.එස්. නමින් හඳුන්වන රුපියල් මිලියන ගණනක් වටිනා දැවැන්ත උපකරණයක් ඒක. විද්‍යාගාරයක හෙරොයින් නිපදවන විට මිශ්‍ර කරන රසායනය මෙම උපකරණයෙන් ඉවත් කර පෙන්වනවා. එම රසායනික විශ්ලේෂණාගාරයේ දී තමයි අපට මෙම හෙරොයින් තොගයේ ‘ශුද්ධ බර’ හමුවන්නේ. ඒ අනුව මෙම හෙරොයින් තොගයේ සැබෑ බර කිලෝ ග්‍රෑම් 131.1488 ක් වෙනවා.
ප්‍රශ්නය -: පසුව සිදුවූයේ කුමක්ද?
පිළිතුර -: පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාට 08.11.2013 දින 5481 දරණ අංකය යටතේ අප සොයාගත් හෙරොයින් ශුද්ධ බර ප්‍රමාණය අඩංගු අදාළ වාර්තාව නිකුත් කළා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week