‘බොර දියේ මාළු බෑම’ යන සිංහල ප්‍රස්ථාව පිරුළට සමාන සිදුවීමක් නැගෙනහිර යුක්රේනයෙන් වාර්තා විය.
MH17 ගුවන් අනතුරින් ජීවිතක්ෂයට පත් කාන්තාවක පැළඳ සිටි රන් මුදුවක් සොරකම් කරන යුක්රේන කැරලිකරුවෙකුගේ ඡායාරූපයක් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි හරහා ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
මෙම ඡායාරූපය පිළිබඳ සත්‍ය අසත්‍යභාවය මෙතෙක් තහවුරු නොවුණ ද එහි සිටින කැරලිකරුවා රන් මුදුවක් අතැතිව සිටින ආකාරය දක්නට ලැබේ.
‘stabilizec’ නමැති නමකින් යුත් Twitter ගිණුම් හිමියෙකු පළමු වරට පළ කළ මෙම ඡායාරූපය දහස් ගණනක් අතර share වෙමින් පවතී.