යුක්‍රේනයේදී මිසයිල ප්‍රහාරයකින් විනාශ වූ MH17 ගුවන් අනතුර පිළිබඳ සිද්ධිය මුල් කර ගනිමින් මේ වන විට Twitter සහ Facebook භාවිත කරන්නන් නොමග යැවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ.
ඉන්ටර්නෙට් ආරක්ෂණ සමාගම් පවසන්නේ, Twitter සහ Facebook භාවිත කරන්නන්ගේ ගිණුම්වලට පිවිස ඔවුන්ගේ Wall එක මත ‘මලේසියානු ගුවන් යානය අනතුරට ලක්වීමේ වීඩියෝව’ (video of the Malaysia Airlines crash) යනුවෙන් links share කරන බව ය.
එම links වලට පිවිසි විට ඒවා අසභ්‍ය දර්ශන සහිත වීඩියෝ ඇතුළත් වෙබ් අඩවි වෙත සම්බන්ධ වන බව අනාවරණය වී තිබේ.
මෙම spam links මගින් Twitter මෙන් ම Facebook භාවිත කරන්නන් ද දැඩි අපහසුතාවට පත්ව සිටින බව ඉන්ටර්නෙට් ආරක්ෂණ සමාගම් පවසයි.
ඉන්ටර්නෙට් අවභාවිත කිරීම් පිළිබඳ බුද්ධි අංශ ප්‍රධානියෙකු වන රිචර්ඩ් රොක්ස් පවසන්නේ, ලෝකයේ වැඩි අවධානයක් යොමු වන සෑම සිද්ධියක් හරහා ම ඉන්ටර්නෙට් අවභාවිත කිරීම් සඳහා යොමුවන ප්‍රවණතාවක් නිර්මාණය වී ඇති බව ය.
එවැනි අවභාවිතයන් හරහා ඔවුන් මුදල් උපයන බව ඔහු සඳහන් කළේ ය.
එම අවභාවිතයන්ට ගොදුරු වූ Facebook භාවිත කරන්නන් සංඛ්‍යාව 298 දෙනෙකි.
රිචර්ඩ් රොක්ස් අවධාරණය කළේ, එවැනි අවභාවිතයන්හි නරත වන්නන්ගේ ගිණුම් ඉවත් කිරීමට Twitter සහ Facebook සමාගම් පියවර ගත යුතු බව ය.