කොළඹ සිට රත්නපුරය හරහා පැල්මඩුල්ල දක්‌වා දිවෙන නව අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා මාර්ග ව්‍යාපෘති යටතට ගැනෙන සියලුම රජයේ සහ පුද්ගලික ඉඩම් සති 26 කදී වන්දි ගෙවා රජයට පවරා ගැනීමට තීරණය කර ඇතැයි වරාය සහ මහාමාර්ග ව්‍යාපෘති අමාත්‍ය නිර්මල කොතලාවල මහතා ඊයේ (21 දා) පැවැසීය.
වැඩිදුරටත් කරුණු දැක්‌වූ ඇමැතිවරයා ඉඩම් අත්පත්කර ගැනීමේ පනතට අනුව පුද්ගලික ඉඩමක් රජයට පවරා ගැනීමට අවම වශයෙන් සති 72 ක් ගතවෙනවා. එය දීර්ඝ කාලයක්. එම නිසා ඉඩම පවරා ගැනීමේ කටයුතු සති 26 කදි සිදුකිරීමට අපි කැබිනට් මණ්‌ඩල අනුමැතිය ලබා ගත්තා.
වන්දි ගෙවීමේදී රජයේ තක්‌සේරු වටිනාකම මෙන්ම නිවාස සහ දේපළවල වාණිජ වටිනාකමක් අපි සැලකිල්ලට ගන්නවා. රජය මෙම තීරණය ගත්තේ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු මේ වසර තුළම ආරම්භ කිරීමටයි.
කොළඹ සිට රත්නපුරය හරහා පැල්මඩුල්ල දක්‌වා දිවෙන නව අධිවේගී මාර්ගයේ මුළු දුර ප්‍රමාණය කිලෝමීටර් 71.8 ක්. මෙය නව මාර්ගය ඉදිකිරීමෙන් පසු කොළඹ සිට රත්නපුරයට විනාඩි 45 ක් තුළත් පැල්මඩුල්ලට පැයකදීත් ගමන් කිරීමට හැකිවේ.
නව අධිවේගයට ඉඩම් පවරා ගැනීම සති 26ක් ඇතුළත
2014-07-22T23:07:00+05:30
Unknown
Gossip|gossip lanka|Gossip Lanka News|