වෙනිසුවෙලාවේ වැලන්සියා නගරයේදී රූ රැජිණක් වෙඩි තබා ඝාතනය කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව ඇයට වෙඩි වැදී ඇත්තේ, රාජ්‍ය විරෝධි උද්ඝෝෂණ අතරතුරදී ය.
22 හැවිරිදි ජැනසිස් කාමෝනා නම් ඇය සංචාරක කර්මාන්ත පිළිබඳව හදාරමින් සිටින ශිෂ්‍යාවක ද වන්නී ය.
මේ වන විට වෙනුසුවෙලාවේ නොසන්සුන්තා හේතුවෙන් ඇය ද ඇතුළුව උද්ඝෝෂකයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ.
වෙනිසුවෙලා උද්ඝෝෂණවලට එක් ව සිටින්නන් අතර වැඩි පිරිස සිසුහු වෙති.
මේ අතර ඇයගේ අවසන් කටයුතුවලට විශාල පිරිසක් එක් ව සිටි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.