ශ්‍රී ලාංකික බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් පළමු වරට බොලිවුඩ් චිත්‍රපටයක සිය චරිතයේ හඬ කවා තිබේ.
මීට පෙර ඇය රඟ පෑ හින්දි චිත්‍රපටවල හඬ කැවීම් කරන ලද්දේ වෙනත් හින්දි හඬ කැවීම් ශිල්පීන් විසිනි.
ඇය මාස ගණනක් තිස්සේ හින්දි භාෂාව ඉගෙන ගැනීමට උත්සහ කළ අතර ඒ සඳහා සුපිරි නළු සල්මන් ඛාන් ඇයට බෙහෙවින් උපකාර කළ බව ජැක්ලින් මීට පෙර පැවසීය.
ජැක්ලින් ෆර්නැන්ඩස් සමග ඇයගේ නවතම තොරතුරු පිළිබඳව කළ සාකච්ඡාවක් පහත දැක්වේ.
ප්රශ්නය: ඔබ පළමු වරට බොලිවුඩ් චිත්‍රපටයක හඬ කැවීම් කළා නේද?
ජැක්ලින්: මීට කලින් මගේ චරිත සඳහා හඬ කැවීම් කළේ, හඬ කැවීමේ ශිල්පිනියන්. Kick චිත්‍රපටය තමයි මගේ ජීවිතේ මට ලැබුණු ලොකු ම අවස්ථාව. මම රඟ පෑ දැවැන්ත ම චිත්‍රපටය ත් ඒක යි. ඒකෙ හඬ කැවීම් කරන එක මට ලොකු පීඩාවක් වුණා. පළවෙනි දෙබස් කිහිපය හඬ කවන්න මට දවස් තුනක් ගතවුණා. ඒත් ඊට පස්සෙ මං ඒක අල්ල ගත්තා. ඒ හඬ කැවීම්වලට මං ගොඩක් කැමති යි.

ප්රශ්නය: Kick චිත්‍රපටයේ පිටපත බලන්න ත් කලින් ඔබ එහි රඟ පාන්න එකඟ වුණා ද?
ජැක්ලින්: ඔව්. ඒක ඇත්ත. ඒ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා සල්මන් ඛාන් වීම නිසා ම මං ඒක භාර ගත්තා.

ප්රශ්නය: ඔබ මිලදී ගත් ශ්‍රී ලංකාවට අයත් දූපතේ මන්දිරයක් ඉදිකළා ද?
ජැක්ලින්: නෑ. මං ඒ දූපත මිල දී ගත්ත. ඒත් දැන් ම ඒකෙ මන්දිරයක් හදන්න හිතලා නැහැ. මට ඕන සුන්දර, හුදකලා තැනක නිවසක් හදන්න. එතන මගේ සිහින මන්දිරය හදනවා. ඒත් ඊට කලින් මගේ ජීවිතේ ස්ථාවර කර ගන්න ඕනෙ.

ප්රශ්නය: නළු නිළියන් අතර ගැටුම් පවතින ක්ෂේත්රයක ඔබ එවැනි ගැටුම්වලින් වැළකී සිටින්නේ කෙසේ ද?
ජැක්ලින්: මට නම් මගේ සමකාලීන නළු නිළියන් සමග වැඩ කිරීමේ අපහසුතාවක් මතු වෙලා නැහැ. අපි ගෙවන්නේ ගොඩක් සංකීර්ණ ජීවිත. ඒත් මං කැමති මගේ සමකාලීනයො සහ සාමාන්‍ය ජනතාව සමග සමීප සබඳතාවක් පවත්වන්න යි. ඒ වගේ ම, ජනප්‍රිය පුද්ගලයින් අතර ගැටුම් වාර්තා කිරීමේදී මාධ්‍ය අතිශයෝක්තියෙන් ඒවා වාර්තා කරන බව යි මගේ හැඟීම.

ප්රශ්නය: ඔබ සහ චිත්‍රපට අධ්යක්ෂ සජිඩ් ඛාන් සමග සම්බන්ධයක් තිබේ ද?
ජැක්ලින්: නැහැ. කොහෙත් ම නැහැ. මිනිස්සු ඉදිරියට යනව. අපි දෙන්නා මේ වෙනකොට ඉන්නේ ගොඩක් දුරස් වෙලා.