-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ලෝකයේ වැඩිම ඉහළකදී බිහිවූ දරුවාට උපත ලබා දීමට උජුන්වා ඉනෙච් ඔසේ නමැති නයිජීරියානු කාන්තාවක් සමත්වූවාය. ඇය දරුවා බිහිකළේ නයිජීරියාවේ සිට ලන්ඩන් නගරය දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයකදී ය. උපත ලබා ඇත්තේ පිරිමි දරුවෙකි. ඔහුට මයිකල් යැයි නම් තබා ඇත. ඇය දරුවා බිහිකළේ තම 31 වැනි උපන්දිනයේ දී වී ම ද විශේෂත්වයකි.
මේ දරු උපත හේතුවෙන් බ්‍රිතාන්‍ය ගුවන් සමාගමට අයත් යානය හදිසියේ ම ස්පාඤ්ඤයේ බෙලාරික් දූපතට ගොඩබස්වා තිබේ. ඇය දරුවා ප්‍රසූතකරන විට දරුගැබට සති 26කි. අඩු වයසින් උපත ලැබීම හේතුවෙන් දරුවා එම දූපතේ පිහිටි රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔසේ දැන් දෙදරු මවකි. ඇය මේ ගුවන් යානයේ ගමන්කැර ඇත්තේ වසරක් වයසැති තම වැඩිමල් දියණිය වන නිඩින්මා සමග ලන්ඩන් නගරයට ගොස් එතැනින් ඇමෙරිකාවේ වොෂින්ටන් බලා යන ගුවන් යානයකට ගොඩවීමේ අපේක්සාවෙනි. ඔවුන් දෙදෙනාගේ අපේක්ෂාව වී ඇත්තේ ඇමෙරිකාවේ නිවාඩුවක් ගත කිරීමයි. හදිසියේ ම යානයේ දී දරුවා බිහිවීම හේතුවෙන් යානයේ ගමන විනාඩි තිහකින් පමණ ප්‍රමාද වී ඇත.
ඔසේ පවසන්නේ සිය බිළිඳා රැගෙන යාමට සුදුසු තත්ත්වයට පත්වන තුරු තමන් හා දියණිය දූපතේ රැඳී සිටින බවයි.
1981 බ්‍රිතාන්‍යෙය් සම්මතකැර ඇති එරට පුරවැසිභාවය පිළිබඳ පනතට අනුව බ්‍රිතාන්‍ය නෞකාවක හෝ ගුවන් යානයක උපත ලබන දරුවකුට බ්‍රිතාන්‍යෙය් පුරවැසි බව හිමිවේ. මේ අනුව මයිකල් උපතලබා ඇත්තේ බ්‍රිතාන්‍ය පුරවැසියකු ලෙසිනි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos