-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මාන්කුලම් කොකාවිල් ප්‍රදේශයේදී ඊයේ (11 වැනිදා) අලුයම සිදුවූ මාරක රිය අනතුරකින් එකම පවුලේ දරුවන් දෙදෙනකු ඇතුළු පස්‌දෙනකු මියගොස්‌ තවත් හයදෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත.

වැල්ලවත්ත ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගි වූ පිරිසක්‌ රැගත් වෑන් රථය යාපනය බලා යමින් සිටියදී යාපනය මහනුවර ඒ 9 මාර්ගයේ කොකාවිල් ප්‍රදේශයේ මාර්ගය අසල නතර කර තිබූ ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.

වෑන් රථයේ රියදුරුට හදිසියේ නින්දයැම නිසා මෙම මාරක රිය අනතුර සිදුවී ඇති බව පරීක්‍ෂණ වලදී අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ටිපර් රථයේ රියෑදුරු සහ වෑන් රථ රියෑදුරු පොලිස්‌ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මාරක රිය අනතුරින් මිය ගොස්‌ ඇත්තේ යාපනය පලෙයි කොන්ඩාවිල් ඇන්ඩසන් වීදියේ පදිංචිකරුවන් පිරිසකි.

මිය ගිය පස්‌ හැවිරිදි සුදිකරන් පදුමන් සහ හත් හැවිරිදි සුදිකරන් ජෙස්‌මිලා එකම පවුලේ සොහොයුරා සහ සොහොයුරිය බව පොලිසිය පවසයි. මෙහිදී මරුමුවට පත්වූ ජින්නතුරේ පරමේෂ්වරී නමැත්තිය දරුවන් දෙදෙනාගේ මිත්තණිය බව පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.

තිස්‌ පස්‌ හැවිරිදි සෝදිලිංගම් සජීවන් සහ හතළිස්‌ තුන් හැවිරිදි ජින්නතුරේ ෂිවනේෂන් යන අයද මෙම මාරක අනතුරින් මියගොස්‌ තිබේ.

අනතුරට පත්වූ පිරිස 10 වැනිදා වැල්ලවත්ත ප්‍රදේශයේ සිය ඥාතියකුගේ මංගල උත්සවයකට පැමිණ ඇත. පසුව එදින සවස ඔවුන් යාපනය බලා යැමට පිටත්ව තිබේ. මීගමුව ප්‍රදේශයේ දී රාත්‍රි ආහාර ගෙන ඇති පිරිස මාන්කුලම් කොකාවිල් ප්‍රදේශයට එද්දී අලුයම 2.30 පමණ වී තිබේ.

අධික වේගයෙන් පැමිණ ඇති වෑන් රථය කොකාවිල් මාර්ගය අසල නවතා තිබූ කළුගල් පැටවූ ටිපර් රථයක දකුණුපස කොටසේ ගැටී ඇත.

ටිපර් රථය අඳුරේම නවතා තිබී ඇති අතර එහි නවතා තබන සංඥ බල්බ පවා දල්වා තිබී නැති බව පොලිසිය පවසයි.

වෑන් රථයේ වම් පස ප්‍රදේශය ලොරියේ ගැටීමෙන් මුළුමනින්ම විනාශයට පත්ව ඇති අතර රියෑදුරුට අනතුරින් කිසිදු තුවාලයක්‌ සිදු වී නැත.

මියගිය අයගේ හිස ප්‍රදේශවලට බරපතල හානි සිදුවී තිබේ. තුවාල කරුවන් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති අතර කීපදෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පැවසීය. තුවාලකරුවන් අතර අවුරුදු 3 සහ 12 වයස්‌ සීමා වල පසුවන දරුවෝ සිටිති.

යාපනය දිස්‌ත්‍රික්‌ භාර නියෝජ්‍ය පොලිස්‌පති රොහාන් ඩයස්‌ මාන්කුලම් කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි රොෂාන් විඡේසිංහ යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත මාන්කුලම් පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos